කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) දින අමාත්‍ය ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජය මුනසිංහ, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ගේ සහභාගීත්වයෙන් කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මීට දින කිහිපයකට පෙර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පත්කරන ලද විශේෂ විද්වත් මණ්ඩල කමිටුව විසින් නිකුත් කරන ලද අතුරු වාර්ථාව ඉදිරිපත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ්-19 වැළැක්වීමේ උපායමාර්ග සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී සමාලෝචනය කරන ලද බව වාර්තා වෙයි
මෙම සමාලෝචන ක්‍රියාවලිය මගින් මෙතෙක් සිදු කරන ලද නිරීක්‍ෂණ හා නිර්දේශවලට අනුව දැනට ක්‍රියාත්මක කරන සමස්ථ උපාය මාර්ග වැඩිදියුණු කිරීම, ජාතික මට්ටමේ සම්න්ධීකරණ වැඩසටහන්, සැලසුම් කිරීම හා අධීක්‍ෂණය එකාබද්ධව තීරණ ගැනීමේ ක්‍රියාවලිය, තොරතුරු හා දත්ත කළමනාකරණය පිළිබද සාකච්ඡා කරන ලදී.
එමෙන්ම කමිටු වාර්ථාව කේන්ද්‍ර කරගනිමින් අදහස් බෙදාගැනීම සන්නිවේදනය, පරීක්‍ෂණ ක්‍රම උපාය සහ සායන කළමනාකරණය සහ වාර්තමාන එන්නත් ක්‍රියාවලිය පිළිබද සාකච්ඡා කරන ලදී. මීට අමතරව රෝහල්වල ඇති ඉඩ ප්‍රමාණය පිළිබද අවධානය යොමුකරන ලදී.
කොවිඩ්-19 මර්ධනයට අදාලව පලාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් පත් කල අධ්‍යක්‍ෂවරුන්ගේ නියෝජිතයන් ඔවුන්ගේ තාක්‍ෂණික ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාශයේ විෂය භාර උපදේශකයින් ගෙන් සමන්විත විද්වත් කමිටුව පුළුල් ලෙස මේ පිළිබදව සාකච්ඡා කරන ලදී.
වැඩසටහනේ යෝජිත වෙනස්කම් සහ උපායමාර්ග පිළිබඳ මූලික කරුණු හතරක් මත පදනම් වී ඇත.
මනා සම්බන්ධීකරණයක් සහිත කාර්යක්ෂම වසංගත පාලනයක් සඳහා ඒකාබද්ධ තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් සහ ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධීකරණයක් විනිවිද භාවයකින් යුතුව ස්ථාපිත කළ යුතු බවත් අභ්‍යන්තර කාර්ය මණ්ඩලය අවම වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමන කරමින් සාමාන්‍ය ජීවිත රටාවකට අනුව කොවිඩ්-19 වැළැක්වීමේ ක්‍රියාවලියට දායක වීම
සිදුවිය යුතු බව වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.


0 Comments