Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අභියෝගවලට නොසැලී මුහුණ දීමේ යෝධ ශක්තියක් අගමැතිවරයා සතුයි - මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නාහිමි

බෙල්ලන්විල රජ මහා විහාරය බෞද්ධ ජනතාවගේ හදවතට  ඉතා සමීප වූ විහාරස්ථානයක්

අගමැති

 

අභියෝගවලට නොසැලී මුහණ දීමේ යෝධ ශක්තියකින් හෙබි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ඉදිරි ගමනේ පැමිණෙන ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දෙන බව විශ්වාස බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පැවැසූහ.

ශ්‍රී ලංකාවේ පසුගිය 30 වසරක පැවැති යුදමය තත්වයෙන් විනාශවන්නට ගිය රට බේරා ගත් නායකයෙක් මේ රටින් බිහි වූ බවත් ඒ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් කියා සිටි උන්වහන්සේ රටට අයහපත් කාලයක් පැමිණ තීබූ අවධියක ඒ අභියෝගවලට මුහුණ දීමට ගොඨ්භය රාජපක්ෂ මහතා සමග මහිනිද් රාජපක්ෂ මහතාට අවැසි ශක්තිය තිබෙන බව මේ රටේ මහා සංඝරත්නය දන්නා බවත්, ඔවුන්ගේ ආශිර්වාදය හිමි වන බවත් උන්වහන්සේ කියා සිටියහ.

මේ රට ඉදිරියටත් රැක ගනන්න ඔබතුමාලාට විශාල වගකීමක් තියනවා. ඒ අනුව මේ රටේ සංස්කෘතියත් , ජනතාවත්, සියලු ජාතීනුත්, සියලූම ආගම් එක ලෙස රැකගත යුතුයි. මේ සඳහා යන ගමනේදී මේ දිනවල ඔබ තුමන්ලාට බොහෝ අභියෝග තියෙන බව අප දකිනවා. ඒත් අගමැතිතුමනි අභියෝග හමුවේ කිසිසේත් සැලෙන්න එපා. සියලු අභියෝග ජය ගන්න යැයැ ද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පැවැති අවස්ථාවට එක් වෙමිනි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ බෙල්ලන්විල බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තැන්පත් කෙරෙන පූජා වස්තු සහ මුල්ගල් සියතට ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එය ඉටු කිරීම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට භාර කළේය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් ඵල බෝධි අංකුරයකින් රෝපිත බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ කටයුතු සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

මෙහිදී පැමිණි පිරිස පංචශීලයේ පිහිටුවීම කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ සිදු කළහ. පිරිස පිළි ගැනීම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියෝ සිදු කළහ.

මේ අවස්ථාවට එක් වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ අනුශාසනාවක් පවත්වමින් මෙසේ පැවැසූහ.

අභියෝග හමුවේ නොසැලෙන නායකයකු වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කවුරුන් කුමක් කිව්වද, රට වෙනුවෙන් කළ යුතු කාර්ය ඉදිරියටත් එලසින්ම ඉටු කිරීමට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වනවා. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය යන නම මේ රටතුල පමණක් නොව ජාත්‍යන්තරයේ පවා ඉතා ප්‍රසිද්ධියට පත් නාමයක්. මේ නාමය පැති දෙකකින් වැදගත්. එක් අතකින් විහාරාධිපති නාහිම් සඳහන් කළ පරිදි දෙතිස්පල ඓතිහාසික බෝධින් වහන්සේ නමක් වැසිටින පූජා භූමියක් හැටියටත් ප්‍රකටයි. එමෙන්ම මේ ස්ථානය දැන උගත්, ප්‍රතාපවත්, විශේෂ පෞරුෂයකින් හෙබි මහා සංඝරත්නය වැඩ සිටින ස්ථානයක් හැටියටත් ලෝක ප්‍රසිද්ධියක් උසුලනවා.

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයට සමාජයේම අවධානය යොමු කර ගත්තේ අපවත් වී වදාල ශ්‍රී සෝමරත්න නාහිමියි .උන් වහන්සේගේ ළඟින්ම සිටි ශිෂ්‍ය දෙනමගෙන් අපවත් වී වදාල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි පිළබඳ අප අමුතුවෙන් කිවයුතුද නෑ. ඒ වාගේම වර්තමාන විහාරාධිපතීත්වය දරන බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන් එදා වැඩි කාලයක් විදේශ ධර්මදූත සේවයේ යෙදෙමින් සිටින අතර වාරයේ පැමිණ කටයුතු සොයා බැලුවත් අද පූර්ණ කාලීනව විහාරස්ථානයේ වැඩ සිටිමින් අභිවෘද්ධිය සඳහා අවශ්‍ය පියවර ගැනීම අගය කළ යුතුයි. ඒ අනුවයි, අද දිනත් මේ කටයුතු සිදු වුණේ. අප බෝසතාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා යනුවෙන් සිතා විහාරස්ථානයක ත්‍රිවිධ චෛත්‍යය සාදා පුදපූජා පවත්වනවා. ඒ නිසාම අපේ සංස්කෘතිය හා බැඳීමක් ද තිබෙනවා. ලෝකයේ ඕනෑම රටකට තම රටට ආවේනික සංස්කෘතියක් තියනවා. ඒ අනුව කතෝලික රටවලටත්, හින්දු රටවලටත්, ඉස්ලාම් රටවලටත්, එහෙමයි අපේ රට අතීතයේ පටන් බෞද්ධ සංස්කෘතියත් සමඟ සිරිත්, විරිත්, හා බැඳී ගොඩනැඟුණ භාෂාව ඇතුළුව ගොඩනැඟුණු රටක්ද වනවා. ඒ අනුව මේ ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේ වැනි මේ රටේ අටමස්ථාන , සොලොස්මස්ථාන, ශ්‍රී දලදා හිමි ඇතුළු මේ මහා පුණ්‍ය බල මහිමය තුළින් මේ රට රකිනවා යනු මගේ විශ්වාශයයි. ඒවා විනාශ කිරීමට සැරසෙන ඕනෑම අවස්ථාවක රට රැක ගැනීම සඳහා මේ බෞද්ධ සංස්කෘතිය සමඟ බැදුණු කිසියම් පුද්ගලයකු ඉදිරියට පැමිණ රට බේරා ගන්නවා යන්නත් මාගේ විශ්වාසයයි. ආකාරයටම මේරට පසුගිය 30 වසරක යුඳ භීෂණයෙන් විනාශ වන්න ගිය රට බේරා ගන්න, මේ රටට නායකයෙක් බිහි කළා. ඒ මහින්ද රාජපක්ෂ මහතායි. ඉන් අනතුරුව නැවතත් රටට අයහපත් කාලයක් පැමිණ තීබූ අවධියක ඝෝඨාභය රාජපක්ෂ මහතාට රට භාර ගන්න සිදු වුණා. ඒ අනුව මේ රට ඉදිරියටත් රැක ගනන්න ඔබතුමාලාට විශාල වගකීමක් තියෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

දෙවනපෑතිස් රජ සමයේ පටන් සැදැහැති බැතිමතුන් පූජෝපහාර ලබන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙහි වැඩ සිටින බෝධිරාජයාණන් වහන්සේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිරාජයාණන්ගෙන් හට ගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් බව අප දන්නවා. ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ මහාර්ඝ ආධ්‍යාත්මික සම්පතක් වන මෙම බෝධීන් වහන්සේගේ අලුතින් මතු වී ඇති අංකුර සහ මුල් ක්‍රමානුකූලව වැඩීම පිණිස ප්‍රමාණවත් අවකාශ ලැබෙන පරිදි ඇතුළු ප්‍රාකාරය සහිත මළුව පුළුල් විය යුතුයි. ඊට උචිත පරිදි පළමු ප්‍රාකාරය සැදැහැවතුන්ගේ වන්දනා මාන හා පුද පූජා සඳහා පෞරාණික බෝධි ප්‍රාකාර සහ බෝධිඝර සංරක්ෂණය පිළිබඳ විශේෂඥයන්ගේ උපදේශ මත විශාල කර ඉදිකිරීම අත්‍යවශ්‍යයි. ඒ තුළින් බෝධීන් වහන්සේ චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීමට අවකාශ සැලසෙනු ඇතැයි අපේ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අප කුඩා කාලයේ සිට විභාගයක් ලංවුණාම හැම වෙලාවේම මතක් වෙන්නේ බෙලන්විල රජ මහා විහාරයයි. මං හිතන්නේ අප හැමදෙනාම හුරු වුණු පිළිවෙතක් ඒක. මොකද අපේ හාමුදුරුවනේ විභාගයක් කිට්ටු වෙන කොට කොහේ හිටියත් අප ඔක්කොම එන්නේ බෙල්ලන්විලටයි. බෙල්ලන්විල ඇවිත් මේ බෝධීන් වහන්සේ වැඳ තමයි, ඊළඟ දවසේ විභාගයට යන්නේ. ඉතිං ඒ වගේ සම්බන්ධතාවක් අපට බෙල්ලන්විල රජ මහා විහාරයත් එක්ක තියෙනවා. ඒ නිසා අද අපේ නායක හාමුදුරුවන්ගෙ විශේෂ උනන්දුවකින් මේ විහාරස්ථානය ගොඩනඟන්න සූදානම්වීම ගැන උන්වහන්සේට අපේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඔබ වහන්සේ ගන්නා වූ මෙම මහන්සිය අප අගය කරනවා වගේම ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

සිංගප්පූරුවේ අධිකරණ සංඝනායක බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ - මෙම ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම යුද්ධය අවසන් කර මේ රටට සාමය උදා කළ නායකයා අතින් ආරම්භ කිරීමට ලැබීම භාග්‍යයක්. අද පවතින කොවිඩ් 19 නව්‍යාප්තිය හමුවේ වුවද ඔබතුමා මේ අවස්ථාවට ගෙන්වීමට සිදුවීම ගැන කනගාටු වූවුද සියලුම කටයුතු අවම පිරිසක් මධ්‍යයයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවම සිදු කළ බව සිහිපත් කළ යුතුයි. ඔබතුමා සාපලත් යුද්ධයකින් රට බේරා ගත් නායකයෙක්. දෙවනපෑතිස් රජ සමයේ පටන් සැදැහැති බැතිමතුන් පූජෝපහාර ලබන බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙහි වැඩ සිටින බෝධිරාජයාණන් වහන්සේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන්ගෙන් හට ගත් දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක්. ඒ මහා පුණ්‍ය කර්මාය මේ රට බේරාගත් නායකයා අතින් සිදු කිරීම කළ යුතු නිසාමයි ඔබතුමා මේ අවස්ථාවට ගෙන්වීමට බෝධින් වහන්සේ ප්‍රතිසංස්කරණ කමිටුව තීරණය කළේ. ඔබ තුමා යුද්ධියට මුහුණ දුන්නේ ජාත්‍යත්නතරයට පවා අභියෝග කරමින්. මේ රටේ මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය එදත් අදත් හෙටත් ඔබතුමාට හිමි වනවා. ඔබ තුමා ජනාධිපති ධුරය දරන අවස්ථාවේ පැමිණි කිසිදු අභියෝගයකින් සැලෙන්නේ නැතිව පැමිණි සැම අනතුරකටම මුහුණ දෙමින් මේ රයේ සියලු ජාතින්ට උබය දානය ලබා දුන්නා. එය ඉන් පෙර සිට කිසිදු නායකයකුට කරන්න බැරි වුණා.

මේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ, හිටපු කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි, බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පූරුව බෞද්ධ පුස්තකාලයේ නිර්මාතෘ හා ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි , රත්මලාන පරිවේනාධිපති මාඉටිපේ විමලසාර, බෙල්ලන්විල විහාරාධිකාරි අතපත්තු කන්දේ ආනන්ද, බෙල්ලන්විල පේමරතන හිමිවරුන් ඇතුළු ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේදාස රාජපක්ෂ, ජගත් කුමාර, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය රවි කරුණානායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහත්වරුන් ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ෂණ පතිරන , නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න, ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් ද,ඇසළ පෙරහර කමිටු ලේකම් කේසරලාල් ගූණසේකර, සභාපති එල්.එච් .ප්‍රේමසිරි, භාණ්ඩාගාරික රෑබන් වික්‍රම ආරච්චි යන මහතූන් ඇතුළු නිලධාරීන් සහ බැතිමතුන් පිරිසක් ද මෙම පුණ්‍යෝත්සවයට සහභාගී වූහ.

සුභාෂිණී සේනානායක- නුගේගොඩ සමූහ

සුභාෂිණී සේනානායක සහ බොරලැස්ගමුව සමුහ සෙනවිරත්න කහටපිටිය

Post a Comment

0 Comments