රාජ්‍ය සේවයේ ආරවුල් විසඳීම සඳහා වන නව යාන්ත්‍රණයක් සැකසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය එකඟතාව පළකරයි.
මෙරට රාජ්‍ය සේවයේ ආරවුල් විසඳීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව කලක සිට දැණුන කරුණක් වන අතර, මෙකී අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ ද අන්තර්ගතව ඇති අතර, එය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්රමුඛ කාර්ය භාරයක් වී ඇත.
ඒ අනුව අදාළ යාන්ත්‍රනය සකස් කිරීම සඳහා වන කැබිනට් සංදේශය විෂය භාර ඇමැතිවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය සැප්තැම්බර් මස 25 දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
2005 වසරේ සිට බලයට පත් වූ සෑම රජයක්ම පාහේ මෙවැනි ක්‍රමවේදයක් සකස් කිරීමට උත්සාහ දැරුව ද ඒ සියලු ප්රයත්නයන් අසාර්ථක වී තිබෙන අතර, ජනතාවට වඩාත් සමීප සේවාවන් සපයන සෞඛ්‍යය, ප්‍රවාහන, වරාය, ඛණිජ තෙල් වැනි රාජ්‍ය අංශයේ සේවාවන්හි කලින් කල ඇතිවන වෘත්තිය ආරවුල් හේතුවෙන් රටට අහිමි වන මිනිස් පැය ගණනේ ආර්ථික වාටිනාකම මෙන්ම එවැනි අර්බුද හමුවේ රටේ ආර්ථිකයට වන බලපෑම සම්බන්ධයෙන් අවධායන යොමු කළ වර්තමාන රජය මේ සඳහා තිරසාර විසඳුම් ලබාදීම වෙනුවෙන් මෙම පියවර ගැනීමට අපේක්ෂා කරයි.
මෙම නව යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ දී ඒ සඳහා වන තාක්ෂණික හා මූල්‍ය දායකත්වය ලබාදීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය කැමැත්ත පළකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාවක් රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් කලාපයේ අධ්යක්ෂ සිම්රින් සිංග් මහත්මිය හා රාජ්‍ය සේවා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර පැවතිණි. අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි, අමාත්‍යාංශයේ උපදේශක මහින්ද මඩිහහේවා යන මහත්වරු ද මීට එක්වූහ.
මහින්ද අලුත්ගෙදර
0 Comments