Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහාචාර්ය සුදර්ශන් අක්තපත්‍ර භාර දෙයි

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වශයෙන් පත් කළ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතා බංග්ලාදේශ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වා තිබේ.

මෙම නිල උත්සවයෙන් අනතුරුව, බංග්ලාදේශයේ ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා අතර සුහඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එම සාකච්ඡාව අතරතුර දී, බංග්ලාදේශයේ ජනාධිපතිවරයා හිටපු ජනාධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එතුමාගේ පැවති දීර්ඝ කාලීන සුහඳ ඇසුර සිහිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව පුනර්ජීවනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරණ උත්සාහය පැසසුමට ලක්කර ඇත. මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ සුබ පැතුම් බංග්ලාදේශයේ ජනාධිපතිවරයා වෙත පිළිගවා තිබේ.

මහාචාර්ය සෙනෙවිරත්න මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා අංශයේ අංශ ප්‍රධානී හා පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර, යුනෙස්කෝ - ශ්‍රී ලංකා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ඇතුළු විවිධ තනතුරු හොබවා ඇති අතර, හිටපු විදේශ කටයුතු ඇමැති ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක (සංස්කෘතික) ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතා 2014 සිට 2016 දක්වා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය ද හෙබවීය.

මහාචාර්ය සෙනෙවිරත්න මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.

 

මහින්ද අලුත්ගෙදර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();