Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා ආසාදිත ලාංකික මවක් සිවු නිවුන් දරුවන් බිහි කරයි!

කොරෝනා ආසාදිතව කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සිසේරියන් සැත්කමක් මඟින් ඊයේ (17දා) දහවල් සිවු නිවුන් දරුවන් බිහි කර තිබේ. මෙය කොරෝනා ආසාදිත කාන්තාවක් විසින් සිවු නිවුන් දරුවන් බිහි කළ ප්‍රථම වතාව ලෙස සැලකේ.

සිවු නිවුන් දරුවන් ප්‍රසූත කළ තරුණ මාතාව වූයේ දෙමටගොඩ පදිංචි එච්.එල්. හංසිකා ශ්‍යාමලී මහත්මිය වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා එච්.පී.ජී. චන්ද්‍රතිලක මහතාය.

ඇගේ කුස තුළ සිවු නිවුන් දරුවන් වැඩෙමින් සිටින බව කල්තියාම ද සොයිසා රෝහලේ වෛද්‍යවරුන් හඳුනාගෙන සිටි අතර හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මින් සති දෙකකට පමණ පෙර ඇය රෝහල්ගත වී තිබිණි. එහිදී කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. දරු ප්‍රසූතියකට ආසන්න ගර්භණී කාන්තාවන් කොරෝනා ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු දරු ප්‍රසූතිය සිදුකිරීම සඳහා මුල්ලේරියාව රෝහල කරා යොමු කිරීම සාමාන්‍ය පිළිවෙතක් වුවද මේ කාන්තාව සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා සිවු නිවුන් දරු ප්‍රසූතියකට සූදානම්ව සිටි නිසා එය තරමක බැරෑරුම් තත්ත්වයක් හේතුවෙන්ද සොයිසා රෝහලේම රඳවා තබා ගැනීමට වෛද්‍යවරු කටයුතු කර තිබිණි.

සාමාන්‍යයෙන් මෙවැනි දරු ප්‍රසූතියක් දරු ගැබට සති 34ක් පිරෙන විට සිදුකරන නමුත් ඇය රෝහලේ ගත කළ කාලයේදී අධි රුධිර පීඩනය, අක්මාවේ එන්සයිම වැඩි වීම, වකුගඩු අකර්මණ්‍ය වීමට ඇති සම්භාවිතාව ඉහළ යෑම, රුධිරගත පට්ටිකා ප්‍රමාණය හා හිමොග්ලොබින් ප්‍රමාණය පහළ යෑම වැනි සංකූලතා රාශියක් ඇයට මතුවීම හේතුවෙන් දරු ගැබට සති 30ක් පිරෙන විට සිසේරියන් සැත්කමක් මඟින් දරු ප්‍රසූතිය සිදු කිරීමට වෛද්‍යවරු තීරණය කොට තිබේ.

මේ කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර ඇය පිරිමි දරුවන් දෙදෙනකු හා ගැහැනු දරුවන් දෙදෙනකු සිවු නිවුන් දරුවන් ලෙස බිහි කර තිබේ. එම දරුවන් සිවුදෙනාගෙන් තිදෙනකු නිරෝගී දරුවන් වන අතර එක් දරුවකු ශ්වසන අපහසුතා හේතුවෙන් කෘත්‍රිමව ඔක්සිජන් ලබාදෙමින් දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙයි. දරුවන් සිවුදෙනා සඳහා ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම ළදරු ඒකකයක් වෙනමම ස්ථාපිත කිරීමට වෛද්‍යවරුන් විසින් කටයුතු කර ඇත. එම කාන්තාවද මේ වන විටත් කොරෝනා වයිරසය ආසාදිතව පසුවීම හේතුවෙන් ඇය සුවය ලබන තෙක් දරුවන් සිවුදෙනා මෙසේ විශේෂිත ඒකකයක රඳවා තැබෙනු ඇත.

ද සොයිසා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.ඒ. රුවන් පතිරණ, නේවාසික ප්‍රසව විශේෂඥ වෛද්‍ය දිලුප් ඇතුළු තිස් දෙනකුගෙන් යුත් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක් මේ සැත්කම සඳහා සිය දායකත්වය දක්වා තිබේ.

මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 7ක් වෛද්‍යවරුන් 12ක් හෙදියන් 19ක් ඇතුළු 36 දෙනෙකුගේ වෙද හෙද කාර්ය මණ්ඩලයක් එක්ව සිටි බවද වාර්තා වෙයි. මෙම සැත්කමේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස නාරි හා ප්‍රසවවේද වෛද්‍ය විශේෂඥ එස්.ඒ. රුවන්පතිරණ මහතා කටයුතු කර තිබේ.

සිවු නිවුන් දරුවන්ට සති 30ක් පිරෙද්දී ඔවුන් මෙලොවට බිහි කිරීමේ බරපතළ ශල්‍යකර්මය දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් යටතේ සිදු කළ බව විශේෂඥ වෛද්‍ය රුවන්පතිරණ මහතා සඳහන් කළේය.

මෙම සැත්කම පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඊට එක් වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම තරුණ මවගේ අක්මාවේ එන්සයිමවල අගයන් ඉහළයාම ගැන කළ අධ්‍යයනයේදී එය සිදුවීමට හේතුවී ඇත්තේ කොවිඩ් 19 රෝගය ආසාදනය වීම බවය.

රුධිරයේ පට්ටිකා ක්‍රමයෙන් අඩු වීමට පටන් ගැනීමද සංකූලතාවක් ලෙස හඳුනාගත් නමුත් ඊට පිළියම් යොදා මෙම සැත්කම අතිසාර්ථකව සිදු කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු ඊට එක් වූ සියලු දෙනාටම හැකි වූ බවද විශේෂඥ වෛද්‍යවරයකු මෙහිදී සඳහන් කළේය.

මෙම දරුවන් හතරදෙනාටම කොවිඩ් රෝගය ආසාදනය වී නොමැති බව පසුව සිදුකළ  ඇන්ටිජන් පරීක්‍ෂාවේදී තහවුරු වූ බවද හෙතෙම සඳහන් කළේය.



from උණුසුම් පුවත් – Colombo Tribune https://ift.tt/3ny2kOh
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();