පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබන ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක කෙරේ. මෙතෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන ඇති ප්‍රකාශ අතර වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවූවන් ගේ ප්‍රකාශ ඇතුළත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
අධිකරණය විසින් නම් කරන ලද විශේෂඥ මණ්ඩලය මගින් මිය ගිය රැඳවූවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණ දෙකක් පෙරේදා(12) සිදුකර ඇති අතර එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. තව දුරටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය කැරැල්ලක් දක්වා වර්ධනය වූ ආකරය, ඒ සඳහා නායකත්වය දුන්, ආධාර උපකාර අනුබල දුන් පුද්ගලයන් සම්බන්ධව මෙම විමර්ශනයේදී විශේෂයෙන් සොයා බැලීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
රක්ෂණ ශ්‍රියන්ත
0 Comments