Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු අප්‍රිකාවට වාර්තාගත ටෙස්ට් ජයක්

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග ඊයේ ජොහැනස්බර්ග් නුවරදී නිමාවට පත්වූ සිවුවැනි ටෙස්ට් තරගයෙන් වාර්තාගත ලකුණු 492ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා පිල සමත්විය.

මෙය දකුණු අප්‍රිකා පිල ටෙස්ට් තරගයකදී ලකුණු ප්‍රමාණයකින් ලැබූ ඉහළම ජයග්‍රහණය ලෙස වාර්තාපොතට එක්විය. ඊට පෙර ඔවුන් 2007දී නවසීලන්තයට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදීම ලකුණු 358ක ජයක් වාර්තා කර තිබිණි.

එමෙන්ම වසර 48කට පසුව දකුණු අප්‍රිකානු භූමියේදී ඔස්ට්‍රේලියානුවන් ටෙස්ට් තරගමාලාවක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසත් මෙය වාර්තාපොතට එක්විය.

සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවිම වාර්තා කළ වර්නන් ෆිලෙන්ඩර් ලකුණු 21කට කඩුලු 6ක් දවාලමින් දකුණු අප්‍රිකාවට මේ ජයග්‍රහණය අත්කර දුන්නේය. මේ ජයග්‍රහණයත් සමග තරග 4කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 3-1කින් ජයගැනීමටත් දකුණු අප්‍රිකාව සමත්විය. මේ තරගයේ ජයග්‍රහණයට ඔස්ට්‍රේලියාවට ලැබී තිබූ ඉලක්කය ලකුණු 612කි.

දකුණු අප්‍රිකාව පළමු ඉනිම - 488 (සියලුදෙනා දැවී) ඒඩ්න් මාර්ක්‍රම් 152, ටෙම්බා බවුමා නොදැවී 96, ඒ.බී.ඩිවිලියර්ස් 69, කේසව් මහරාජ් 45 ( පැට් කමින්ස් 83/5, නේදන් ලියොන් 182/3) සහ දෙවැනි ඉනිම - 344/ 6 (ඉනිම අත්හිටුවන ලදි) ෆෆ් ඩුප්ලෙසිස් 120, ඩීන් එල්ගාර් 81 (පැට් කමින්ස් 58/4)

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම - 221 (සියලුදෙනා දැවී) ටිම් පේන් 62, උස්මාන් කවාජා 53, පැට් කමින්ස් 50 ( වර්නන් ෆිලෙන්ඩර් 30/3, කගීසෝ රබාඩා 53/3, කේසව් මහරාජ් 92/3) සහ දෙවැනි ඉනිම - 119 (සියලුදෙනා දැවී) ජෝ බර්න්ස් 42 ( වර්නන් ෆිලෙන්ඩර් 21/6)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();