ජාතික තලයේ හිටපු ක්‍රීඩකයකු වන ඉන්දික චමින්ද රත්නපාල මහතා ස්ථිර රැකියාවක් නැතිව කුලි වැඩ කරමින් දුක් මුසුව ජිවිකාව ගෙන බව පවසයි. අඩු ආදායම්ලාභි රැකියා අපේක්ෂක ඉල්ලුම්පත්‍ර ලැයිස්තුවේ අංක දෙකට සම්මුඛ පරීක්ෂණයෙන් තේරි පත්වුවත් තවමත් රැකියාවක් නැති බවත්, දරුවන් දෙදෙනකුගේ අධ්‍යපන කටයුතු වෙනුවෙන් කුලි වැඩ කරන බවත් ඔහු පවසයි.
මාතලේ අගලවත්ත පදිංචි දෙදරු පියකු වන ඔහු කොපමණ දුක් ගැහැට තිබුණත් ක්‍රීඩාව කිසි දිනෙක අත් නොහැරියේය. පාසල් කාලයේ සිට උනන්දුවක් ඇතිව ක්‍රීඩා කළ නිසාම 2006 වසරේ මීටර් 5000 ජාතික යෞවන ශූරතාව, මිටර් 5000 තරග ඇවිදිමේ ප්‍රථම ස්ථානය ද හිමිකර ගැනීමට සමත් වූ ඔහු 2008 වසරේදී ද මිටර් 5000 ජාතික ශූරතාව සහ මිටර් 5000 තරග ඇවිදීමේ ශූරයා වී තිබේ. 2010 වසරේදීත් ජයග්‍රහණ අත් කර ගත් ඔහු 2011 වසරේ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් සංවිධාන කළ පුත්තලම කිලෝමීටර් 20 තරග ඇවිදීමේ ඉසව්ව පැය 1යි විනාඩි 47යි තත්පර 33කින් නිම කරමින් වාර්තාවක් ද පිහිටුවීය.
මේ තරග සඳහා පාවහන් යුගලයක් ද නැතිව සහභාගි වී ඇති ඔහු ක්‍රීඩාවට ඇති හිත නිසාම සියල්ල අමතක කර තරගවලට ඉදිරිපත්ව මාතලේට අභිමානයක් ගෙන දීමට බව ද රත්නාපල මහතා පැවසීය.
මෙලෙස අසරණව කුලී වැඩ කරමින් ජීවත් වුවත් කිසිවකුගේ සහයක් නොලැබූ බවත්, තම අඩු ආදායම්ලාභි රැකියා අවස්ථාවක් බවත් ඔහු පවසයි.
රැකියාවක් නොලැබෙන්නේ දේශපාලනයට සම්බන්ධ නොවීම නිසාදැයි ප්‍රශ්න කරන ඔහු මසයකට රුපියල් 20,000ක පමණ වියදමක් ඇති බවත් කුලී වැඩට හෝ නොගියොත් තම පවුලට බඩගින්නේ සිටීමට සිදු වන බවත් පවසයි.
මෙවර රැකියාදීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාව සම්බන්ධයෙන් විශාල සතුටක් තිබෙන බවත් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති බවත් පවසන ඔහු ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට රැකියා දීමේ ක්‍රියාවල නිසා පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූ බවත් එහිදී සම්මුඛ පරීක්ෂණ නිලධාරින් ඇවිදීමේ ක්‍රීඩාව නොදන්නා බව පැවසීම නිසා රැකියා අවස්ථාව අහිමි වූ බවත් කියා සිටී.
උකුවෙල සංචාරක
ප්‍රියන්ත සුමනසේන
0 Comments