Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යයි.

නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මාඹ්‍යයට අදහස් දක්වමින් මෙසේ පවසා ඇත.

“මාස 06කට පෙර ලංකාවේ මාගරින් කිලෝවක් සඳහා වූ රුපියල් 200ක බද්ධ වත්මන් ආණ්ඩුවෙන් රුපියල් 600ක් දක්වා වැඩි කළා. බද්ධ වැඩි කළා කියන්නේ මාගරින් ලංකාවට ගෙන්වීම තහනම් කරා හා සමානයි. ලංකාවේ තියෙන නිෂ්පාදකයින්ගේ ඉල්ලීම මත තමයි මේ තීරණය ගන්න ඇත්තේ. ලංකාවේ මේක දියුණු කරන්න ඕනේ කියලා තමයි අපිට කිව්වේ.

දැන් අපිට ආරංචි හැටියට ජනවාරිවල තවත් වැඩිවෙනවා. මේකේ අහිතකරම ප්‍රතිඵලය තමයි, මාගරින්වලට අමතරව බේකරිවලට ඒ වගේම අවශ්‍ය වෙනවා මේදය. නමුත් ඒකේ රුපියල් 600 මාස 6කට අත්හිටවු නිසා මෙච්චරකල් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් මේ දෙසැම්බර් මාස 20න් පස්සේ මාස 06 අවසන් වෙනවා. පිටරටින් ආනයනය කිරීම මේ වනවිට නවත්වලා තියෙන්නේ. බදු ගහයි කියලා බයට. මේ පිළිබඳ යම් විසඳුමකට එන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් බේකරි නිෂ්පාදනවල මිල ලබන වසරේ අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවෙනවා.”

 

The post බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();