කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(24) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
කොරෝනා පළමු රැල්ලට වඩා දෙවන රැල්ල වෙනස් බවත් මේ අවස්ථාවේ පවුල් ලක්‍ෂ 78 කට සහන සලසා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එසේ වුව ද රටේ සංවර්ධන කටයුතු ද කිසිසේත්ම නතර කර නැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
විශාලතම ආයෝජනයක් වන හම්බන්තොට ටයර් කම්හල ඉදිකිරීමේ ගිවිසුමට ද අත්සන් කිරීම ඊට හොඳම උදාහරණයකි. නිවාස හා ජල සම්පාදන ව්‍යාපෘති ආදිය ද ක්‍රියාත්මකය. කළ යුතු වන්නේ වාද විවාද කිරීම නොව කොරෝනා හමුවේ වුව ද සියලු පාර්ශ්ව එක්ව රට ඉදිරියට ගෙන යාම බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
0 Comments