Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආණ්ඩුව 120000ක් වන විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප නොදී මගහරී.

2016.01.01 සිට 2020.01.01. විශ්‍රාම ගිය 120000කට ආසන්න විශ්‍රාමිකයන්ට හිමි විශ්‍රාම වැටුප 2020 ජනවාරි සිට ලබාදීමට අදාළ චක්‍රලේඛ පවා ඉදිරිපත් කර තිබිය දී වත්මන් ආණ්ඩුව විසින් එය ජනවාරි මස අත්හිටුවන ලද අතර මෙවර ඉදිරිපත් කළ අයවැය මගින්ද ඒ පිළිබඳ සදහනක් හෝ නැතැයි විශ්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්යස්ථානය ප‍වසයි.

කාලයක් තිස්සේ වෘත්තීය සමිති විසින් ගෙනගිය අරගල හමුවේ මූලික වැටුපට එල්ලා තිබූ දීමනා සියල්ල 2016.01.01 සිට 2020.01.01 දක්වා අදියර 5කින් ගෙවීමට 3/2016 දරණ 2016.02.25 දිනැති චක්‍රලේඛය මගින් යෝජනා වූ නමුත් 2016 වර්ෂයේ ජනවාරි සිට විශ්‍රාම  ගිය අයට වර්ෂයෙන් වර්ෂය මූලික වැටුපට එකතු කරන ලද මුදල ලබා නොදුන් අතර එම වැඩිවිය යුතු මුදල එකතු කර 2020 ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන්ට  ලබාදීම සදහා 2019.11.11 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී තීරණය  කළ  බව එම මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව 35/2019 දරණ 2019.12.10 දිනැති රාජ්ය පරිපාලන චක්‍රලේඛය මුදල් අමාත්යාංශයේ එකගතාව සහිතව නිකුත් කරමින් එය ක්‍රියාවට නැගීමට තීරණයක් ගෙන තිබිණි. එසේ තීරණයක් අරගෙන තිබියදීම වත්මන් ජනාධිපතිවරයා මුලින්ම කළේ 35/2019 /1 දරණ 2020.01.20 දිනැති චක්‍රෙල්ඛනයත් 2020.01.02 දින රැස්වූ වර්තමාන ආණ්ඩුවේ අමාත්ය මණඩලය විසින් නිකුත් කරමින් නව රජයේ ප්‍රතිපත්තිය  අනුව සියලූම විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවයන් ඉදිරි අයවැයවලදී විසදන තෙක් අත්හිටුවීම බව පවසයි.

පසුගියදා ආණ්ඩුවේ පළමු අයවැය ඉදිරිපත් කළ අතර මෙසේ අත්හිටවූ විශ්‍රාම වැටුප ගෙවීම් සම්බන්ධ කිසිදු සදහනක් නොවීම පිළිබද විරෝධය දක්වන විශ්‍රාම වැටුප සුරැුකීමේ ජාතික මධ්යස්ථානයේ  ප්‍රකාශ කරන්නේ විශ්‍රාමිකයන්ගේ හිමිකම වෙනුවෙන් ඉදිරියේ දී විරෝධතා ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

…ගමගේ…

The post ආණ්ඩුව 120000ක් වන විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප නොදී මගහරී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();