මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ ම ත්ද් රව්ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ම ත්ද් රව්ය ජාවා රම්ක රුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි ම රණ යට පත්ව තිබේ.
ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අ ප රාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.
එහිදී ම ත්ද් රව්ය ජාවා රම්ක රුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙ ඩි තබා ඇත.
ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.
ඉන් මාකඳුරේ මධූෂ් ම රණ යට පත්වී තිබේ.
අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.
වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අ ප රාධ කොට්ඨාසයට භාර දුනි.
ඉන් අනතුරුව කොළඹ අ ප රාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.
වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අ පරා ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි.
from රට තොට – Colombo Tribune https://ift.tt/3dER6DD
tribune
0 Comments