Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරෝධායන වෙමින් සිටි පිරිසක් නිලධාරීන්ට පහර දී පැන යන්න හදයි - නිලධාරීන් වෙඩි තබයි


බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ.

එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබිණි.

රැදවියන්ගෙන් පහරකෑමට ලක් වූ බන්ධනාගාර නිලධාරියෙකු මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහර දී පළා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටම නිරෝධායනයට යොමු කර තිබූ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැඳවියන් පිරිසකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();