Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෞද්ගලික අංශයේ සේවකයන්ට පඩි නැතිව ගෙදර ඉන්න වෙලා.

කොවිඩ් පළමු රැල්ලෙන් රැකියා අහිමි වූ විශාල පිරිසක් තවමත් එළියේ සිටින බවත් දැන් දෙවැනි රැල්ලට නැවත වතාවක් පෞද්ගලික අංශයේ සේවකයන්ට පඩි නැතිව ගෙදර ඉන්න ලෙස ආයතනවලින් දන්වා සිටින බවත් එබැවින් වහාම ආණ්ඩුව සේවකයින්ගේ මේ ප‍්‍රශ්ණයට මැදිහත් වී ඔවුන්ට යම් විසඳුමක් ලබාදිය යුතු බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ  පවසයි.

රටක් පාලනය කිරීම යනු මෙවැනි වසංගත තත්වයක් තුලදී වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසඳුම් ලබාදෙමින් කටයුතු කිරීම බවද, අනෙක් බොහෝ රටවල්වල සිදුකරන ලද්දේද වැඩකරන ජනතාව වෙනුවෙන් විසඳුම් ලබාදෙමින් රටපවත්වාගෙන යාම බවද පසුගියදා (13) පැවති මාධ්‍ය හමුවකදී වසන්ත සමරසිංහ  පැවසීය.

පෞද්ගලික අංශයේ සේවකයින් රැකගනිමින් කොවිඞ් වසංගතයට මුහුණ දීම සඳහා අන්තර් සමාගම් සේවක සංගමය ලෙස යෝජනා 10 ක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කර ඇති බවද ඒ සඳහා ආණ්ඩුව යහපත් ප‍්‍රතිචාරයක් දක්වනු ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ  පැවසීය.

The post පෞද්ගලික අංශයේ සේවකයන්ට පඩි නැතිව ගෙදර ඉන්න වෙලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();