Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්ගෙන් CIDට ප්‍රකාශයක්

ගිනිගෙන අනතුරට පත්වූ “නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
 
කපිතාන්වරයා සහ නෞකාවේ සෙසු කාර්ය මණ්ඩලය මේ වනවිට ගාල්ලේ පිහිටි ආරක්ෂිත මධ්‍යස්ථානයක නිරෝධායනය සඳහා යොමුකර සිටියි.
 
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් ඊයේ(12) එම ස්ථානය වෙත ගොස් කපිතාන්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
කපිතාන්වරයාගේ සටහන් කරගත් ප්‍රකාශය පිළිබඳ කරුණු හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();