Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශේෂ කාර්ය බලකායට විශේෂ නිල ඇඳුමක් හදුන්වා දෙයි

එල්ටීටීඊ ත්‍රස්තවාදය සහ කෝවිඩ් – 19 වසංගතය පරාජය කළා සේම මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාල ජාවාරම යුද හමුදාව පොලිසියේද සහය ඇතිව සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
 
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ ඊයේ(12) පැවැති යුද හමුදාවේ විශේෂ බලකා විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.
 
යුද හමුදාවේ විශේෂ බලකායට අයත් 50වැනි පාඨමාලාවේ විසිර යෑම මෙහිදී සිදු කෙරිණි. මනා පුහුණුව ලත්  නිලධාරීන් පස් දෙනෙකු සහ ප්‍රභූ විශේෂ බලකායේ සෙසු නිලයන් 295 ක් ඊට ඇතුළත් විය. දක්ෂතා දැක්වූ විශේෂ බළකා සෙබළුන් ඇගයීමට ලක් කිරීම ද මෙහිදී සිදු කෙරුණි. 
 
එමෙන්ම යුද හමුදාපතිවරයා විසින් මෙම විශේෂ දක්ෂතා ඇති හමුදා කණ්ඩායමට නිල ලාංඡන පැළඳවීම ද සිදු විය.
 
මෙම අවස්ථාවේදී යුද හමුදාපතිවරයා කියා සිටියේ නැවත මෙරට පාස්කු ප්‍රහාරය මෙන් ප්රහාර ඇති වීමට කිසිසේත් ඉඩ නොතබන බවයි.
 
එමෙන්ම යුද හමුදාවේ විශේෂ කාර්ය බලකාය වෙත නව නිල ඇඳුමක් මෙදින හඳුන්වාදීම ද විශේෂත්වයක් වූ අතර යුද හමුදාපතිවරයා ඇතුළු වූ විශේෂ බලකායේ ජේෂ්ඨ නිලධාරින් ඊයේ මුල් වරට එම හඳුන්වාදුන් නිල ඇඳුම පැළඳ ගෙන සිටීමද විශේෂත්වයකි.
 
ඒ පිළිබඳව අදහස් දැක්වූ හමුදාපතිවරයා කියා සිටියේ ලෝකයේ විශිෂ්ටම යුද හමුදාවක් සිටින අවස්ථාවක දක්ෂයන් ලෙස හඳුනාගෙන ඇති විශේෂ බලකායේ සෙබළ පිරිස සඳහා මෙම විශේෂ නිල ඇඳුම හඳුන්වාදීම තමාට ආඩම්බරයක් සහ අභිමානයක් බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();