Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ ජාලා බිස්කට් කැම්පේන් එකට ඔබත් රැවටුනාද? – දේශීය අපනයනකරුවන් වට්ටන්න කුමන්ත්‍රණයේ සුල මුල එලියට!

මේ දිනවල මෙරට ප්‍රධානතම සහ ප්‍රමුඛපෙලේ බිස්කට් සමාගමකට එරෙහිව සමාජ ජාල තුල ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව දකින්නට ලැබෙන අතර ෆේස්බුක් හරහා මෙය ඔබද සමහරවිට දකින්නට ඇත. එහි කියවෙන ආකාරයට අදාළ බිස්කට් නිෂ්පාදනයක සිරුරට අහිතකර වර්ණක අඩංගු බවටයි ෆේස්බුක් පළකිරීම් ප්‍රචාරය වී ඇත්තේ.

මේ පිළිබඳව අප කල සොයා බැලීමකදී අනාවරණය වුයේ ශ්‍රී ලංකාවේ විශාලතම බිස්කට් නිෂ්පාදකයා සහ අපනයන කරුවා ලෙස නම්දරා සිටින අදාළ සමාගම සමඟ සිය වෙළෙඳපොල කොටස (Market Share) වෙනුවෙන් තරඟ කරන මැද පෙරදිග රටවල් සමඟ සම්බන්ධතා පවතින මෙරට සමාගමක් මෙම අසත්‍ය ප්‍රචාරක ව්‍යාපෘතිය පසුපස සිටින බවයි. මේ සඳහා විශාල මුදලක් වියදම් කරමින් පවතින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් කිහිපදෙනේකුගේද සහයෙන් මෙම කූට මෙහෙයුම ක්‍රියාත්මක බවද සාක්ෂි සහිතව අප වෙත අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් සිරුරට අහිතකර බවට ඔවුන් අනාවරණය කරන E110 හා E122 කේත අංක දරන වර්ණක පිළිබඳව නීතිමය තත්වය පිළිබඳවද අප සොයා බැලු අතර ශ්‍රී ලංකාව තුල එම වර්ණක තහනම් නොමැති බවත් රජය නිකුත් කරන ලද ගැසට් නිවේදනයක පැහැදිලිව දක්වා ඇති පරිදි එම වර්ණක වලට අනුමැතිය ලබාදී ඇත්තේ මේ අකාරයටයි…

අදාළ වර්ණක සිරුරට අහිතකර බවට මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් ඔප්පු වී නොමැති අතර මෙරට බොහෝ නිෂ්පාදන වල මෙන්ම විදේශීය නිෂ්පාදනවලද ඇසුරුමේ අඩංගු ද්‍රව්‍ය යටතේ පැහැදිලි ලෙස මෙම වර්ණක අනුමත වර්ණකාරක ලෙස මෙම කේත අංක සඳහන්ව ඇත.

 

ඒ අනුව මෙම අනුමත වර්ණක සිරුරට අහිතකර නොවන බව ඔප්පු වන අතර වෙළෙඳපොල තුල අදාළ සමාගමේ නිෂ්පාදන සමඟ තරඟ කිරීමේ හැකියාවක් නොමැති බැවින්  සමහර සමාගම් අසත්‍ය ප්‍රචාර මගින් පාරිභෝගික ජනතාව මුලා කිරීමට මුදල් වියදම් කිරීමට පෙළඹී ඇති බව පෙනේ.

 



from රට තොට – Colombo Tribune https://ift.tt/3hra6pw
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();