Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගව ඝාතන තහනම ගැන කිසිදු ප්‍ර‍කාශයක් කර නැහැ.

ගව ඝාතන තහනම සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් සිදුකළා යැයි කියන ප්‍රකාශයන් කිහිපයක් මේ වන විට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. විශේෂයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යැයි හැඟෙන ප්‍රකාශයන් කිහිපයක් ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් නිර්මාණය කර තිබේ.
ගව ඝාතන තහනම සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් විසින් කිසිදු ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජවිපෙ යැයි පළවන සියලු ප්‍රකාශ සාවද්‍ය බවත් ප්‍රකාශ කරමු.
මේ සම්බන්ධ‍‍යෙන් පළවන ව්‍්‍යාජ පුවත් විශ්වාස නොකරන ලෙසද සමාජ මාධ්ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටිමු.
පසුගිය මැතිවරණ කාල සීමාවන් දෙකෙහි සිට මේ වන තෙක්ම ජවිපෙ එල්ල කරගනිමින් රාජපක්ෂවාදීන් විසින් දිගින් දිගටම ව්යාජ පුවත් නිර්මාණය කරමින් තිබෙන අතර එයින් පෙන්වන්නේ රාජපක්ෂ කණ්ඩායමේ සහ ආණ්ඩුවේ බංකළොත් දේශපාලන භාවිතාවයි. මෙම අශිෂ්ඨ, බංකළොත් දේශපාලන භාවිතාව පරාජය කොට ශිෂ්ටසම්පන්න දේශපාලනයක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස සමාජ මාධ්ය භාවිතා කරන්නන්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

 

ජනතා විමුක්ති පෙරමුණ.

The post ගව ඝාතන තහනම ගැන කිසිදු ප්‍ර‍කාශයක් කර නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();