Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොවිඩ් හමුවේ ක්‍රීඩා ඉසවු අවදානම් කලාප 4කට වර්ග කරයි

රග්බි්-බොක්සිං ඇතුළු ක්‍රීඩා 12කට රතු ඉර

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා පුහුණුවීම් හා තරග පැවැත්වීමේදී ලියාපදිංචි ක්‍රීඩා අවදානම් කලාප 4කට වර්ගීකරණය කොට, සෘජු ජාත්‍යන්තර භෞතික සම්බන්ධතා පවතින ක්‍රීඩා 12ක් කොවිඩ් පැතිරීමේ දැඩි අවධානමක් ඇති ක්‍රීඩා ලෙස නම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පියවර ගනියි.

එලෙස දැඩි අවධානමක් ඇති ක්‍රීඩා ලෙස රග්බි, කබඩි, බොක්සිං, මල්ලවපොර, වුෂූ, කරාටේ, ජූඩෝ, ටයිකොන්ඩෝ, අංගම්පොර, ඇරොබික් ජිම්නාස්ටික්, කඹ ඇදීම හා ජීවිතාරක්ෂක ඉසවු නම් කොට ඇත.

දැඩි අවදානමක් ඇති ක්‍රීඩාවලට අමතරව ඉහළ මධ්‍යම අවදානමක්, පහළ මැදි අවදානමක් හා පහළ අවදානමක් ඇති ක්‍රීඩා ලෙස වර්ගීකරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවර ගෙන තිබේ.

ඉහළ මධ්‍යම අවදානමක් පවතින ක්‍රීඩා ලෙස වොලිබෝල්, ත්‍රෝ බෝල්, හෑන්ඩ්බෝල්, බේස්බෝල්, නෙට්බෝල්, රෝල්බෝල්, ෆුට්සාල් හා බාස්කට්බෝල් ක්‍රීඩා නම් කොට ඇති අතර, පහළ මැදි අවදානමක් පවතින ක්‍රීඩා ලෙස ක්‍රිකට් (සැහැල්ලු පන්දු ක්‍රිකට් ඇතුළු), හොකී, එල්ලේ, ස්කොෂ් හා බීච් වොලිබෝල් නම් කොට තිබේ. පහළ අවදානමක් ඇති ක්‍රීඩා ලෙස ටේබල් ටෙනිස්, ටෙනිස්, බැඩ්මින්ටන්, මලල ක්‍රීඩා, ඔරු පැදීම, ජල ක්‍රීඩා, මුහුදු රළ මත ලිස්සා යෑම, රුවල් ඔරු පැදීම, ජිම්නාස්ටික්, ඇරොබික්ස්, වෙඩි තැබීම, බර ඉසිලීම, සවි එසැවීම, කරාටේ, ටයිකොන්ඩෝ, දුනුවිදීම, කඩු හරඹ, කායවර්ධන, මෝටර් ක්‍රීඩා, පාපැදි, රෝලර් ස්කේටින්, තුරඟ තරග, ගොල්ෆ්, බිලියර්ඩ් ඇන් ස්නූකර්, චෙස් හා කැරම් නම් කොට ඇත.

කොරෝනා වසංගත රෝග තත්ත්වය හමුවේ වුවද ඉහළ මධ්‍යම අවදානමක්, පහළ මැදි අවදානමක් හා පහළ අවදානමක් ඇති ක්‍රීඩා පුහුණුව අනුමත කෙරෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රියාකාරකම් සියල්ල ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තීන්ට යටත් බව දක්වා තිබේ. ක්‍රීඩා තරග පැවැත්වෙන අවස්ථාවලදී සීමිත පිරිසකට තරග නැරැඹීමේ අවස්ථා උදා කරන ලෙසත් මීටරයක දුර පවත්වා ගැනීම අනිවාර්ය බවත්, ක්‍රීඩාගාරවල ආසන සංඛ්‍යාවෙන් සියයට පනහක් ඉක්මවා නොයා යුතු බවත් උපදෙස් දී ඇත.

 ප්‍රින්ස් ගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();