Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ලැබීම ගැටලුවක්.

20වැනි සංශෝධනය තුළ ඇති යෝජනා අතිශය ගැටලුකාරීයි. ඒවායින් කිහිපයක් අපට මෙසේ හඳුනාගත හැකියි. වර්තමාන සමාජය තුළ නීතිය කාටත් සමාන බව මූලික සංකල්පයක් ලෙස පිළිගන්නවා. ඒ අනුව ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ලැබීම ගැටලුවක්. 19වැනි සංශෝධනය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමකදී ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කර තිබුණා. ඔහුට මුක්තිය ලැබුණේ සිවිල් සහ අපරාධ චෝදනාවලදී පමණයි. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය වැනි විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන් රටවල්වලදී පවා ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකියි. ඔහු නීතියට යටත් කොට තිබෙනවා. නමුත් 20වැනි සංශෝධනයේ නැවත වරක් ජනාධිපතිවරයා නීතියට ඉහළින් තබා තිබෙනවා. මේ අනුව ඔහු විසින් සිදුකරන කිසිදු වරදක් නීතිය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි වෙනවා. මේ උත්සාහය කොල්ලකාරී ආර්ථික ගමනේදී සිදුවිය හැකි ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අදාළ නඩුවලින් ගැලවීමටයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්.

The post ජනාධිපතිවරයාට නීතිය හමුවේ මුක්තිය ලැබීම ගැටලුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();