Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වියලි කහ කිලෝ 1058 ක පමණ ප්‍රමාණයක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් හලාවත දැදුරු ඔයේ මෝය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝ 1058ක පමණ ප්‍රමාණයක් අද (18)  අත්අඩංගුවට ගෙන ඇත.
 
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් හලාවත දැදුරු ඔයේ මෝය ප්‍රදේශයේ සිදු කල විශේෂ මුර සංචාරයකදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර අදාල යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී ගෝනි උර 21ක බහාලන ලද වියලි කහ කිලෝ 1058ක පමණ ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. 
 
මෙලෙස සොයා ගන්නා ලද වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කොවිඩ් 19 අවදානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් සින්නපාඩු රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.
 
මීට සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();