Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අනතුරක් වූවොත් නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිවයුතුයි.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මා ඇතුලු යතුරුපැදිකරුවන් මහමග මරා දැමීමට තැත් කිරීමක් සම්බන්ධයෙන්

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2020.09.15 දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටින්නේ 2020.09.16 දින බස් ප්‍රමුඛතා මන්තීරුව තුල පමණක් යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගමන්කළ යුතු බවයි.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව පිළිගත් නිර්ණායක, බස් රථයේ නොපෙනෙන කෝන ඇතුළු විද්‍යාත්මක නිර්ණායක ප්‍රකාරව බස් රථ වැනි බර වාහන අතර, යතුරුපැදි ධාවනය දැඩි ලෙස අන්තරායකර බවට අප සංගමය යතුරුපැදිකරුවන් දැනුවත් කරන්නේ 2016 වසරේ සිටය.

එමෙන්ම 2015 නොවැම්බර් මස 12 වනදා නිකුත් කරන ලද අංක 1940/21 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයේ RM-40 කොටස ප්‍රකාරව බස් ප්‍රමුඛතා මන්තීරුව පොදු ප්‍රවාහනය සඳහා වෙන් කර ඇත.

තවද, මෝටර් වාහන පනත ප්‍රකාරව මංතීරු නීතිය යනු, යතුරුපැදි බස් ප්‍රමුඛතා මංතීරුවේ පමණක් ගමන් කරවීම නොවේ.

මෙවැනි පසුබිමක ගැසට් නිවේදන මගින් හෝ නීතියක් ලෙස ප්‍රකාශයට පත් නොකර, බස් ප්‍රමුඛතා මන්තීරු තුල පෙර හුරුවක්, පරීක්ෂනයක්, හෝ අන් කවර හේතුවක් සඳහා විනාඩියකට හෝ යතුරුපැදි ධාවනයට බල කිරීම මාගේ ජීවිතය ඇතුලු යතුරුපැදිකරුවන් හා ඒ මත ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිත ලක්ෂ සංඛ්‍යාවක්

1. සාපරාධි ලෙස ජීවිත අවධානමකට පත් කිරීමක්,
2. සාපරාධි ලෙස දැන දැන මහමග මරා දැමීමට තැත් කිරීමක්,
3. සාපරාධිව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමක්

ලෙස මින් පෙන්වා දෙන්නෙමු. එය ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති කඩ කිරීමක් වේ.

යම් හේතුවකට අද (16) දින බස් ප්‍රමුඛතා මංතීරුව තුල බස් රථයක් ගැටී යතුරුපැදිකරුවෙකුගේ ජීවිතයට හෝ ශරීරයකට මොනයම් හෝ හානියක් සිදුවුවහොත් ඒ සියල්ල සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඍජුව වගකිවයුතු බව මින් තවදුරටත් පෙන්වාදීමට කැමැත්තෙමු.

එම නිසා උක්ත සඳහන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

2020.09.16 දින සිදුවන රිය අනතුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,
චිරන්ත අමරසිංහ,
සභාපති – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

The post අනතුරක් වූවොත් නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වගකිවයුතුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();