Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්

දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දින දක්වා අපේක්ෂා කල හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
 
කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ වාර්තා වලට අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර  සහ වයඹපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
 
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
 
උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
 
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
 
දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයසහ හම්බන්තොටදිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැක
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();