Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වරාය හා නාවික ක්ෂේත්‍රයේ උන්නතියට උපදේශක මණ්ඩලයක්

වරාය හා නාවික ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ උපදේශක මණ්ඩලය පත්කිරීම ඊයේ(17) සිදුවිය. 
 
එම පත්වීම් ලිපි ලබාදීම වරාය හා නාවික අමාත්‍යංශයේදී සිදු කෙරුණි.
 
ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් වන හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා, මැක්ලරන්ස් සමූහයේ සභාපති රොහාන් ද සිල්වා මහතා, අයිඩා සමූහ ව්‍යාපාරයේ සභාපති නිශ්ෂංක වීරසේන මහතා සහ බෙවර්ලි සට්‍රීට් ආයතනයේ සභාපති එස්.එන්.කුමාර් යන ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශේෂ දැනුම ඇති විශිෂ්ටයින් කිහිප දෙනෙකු ඒ සඳහා තෝරා පත් කෙරිණි. 
 
මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතාද එක්විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();