Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්ෂ හතළිහකට ආසන්න කහ තොගයක් හලාවතින් සොයා ගැනෙයි

හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ කහ කිලෝ 1,000ක් අත්අඩංගුවට ගෙන ඇත.
 
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ  හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරීන් විසින්  අද (18) අලුයම මෙම කහ තොගය අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.
 
ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක  දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ට ලැබුණු බුද්ධි තොරතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර  මෙහිදී  සැකකරුවන් දෙදෙනා බෝට්ටුව අතහැර පැන ගොස් තිබේ.  
 
එම යාත්‍රාව හලාවත ප්‍රදේශයේ  ධීවරයෙකුට අයත් බව හදුනා ගෙන ඇත
 
 සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හලාවත පොලීසිය හා එක්ව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
 
අත්අඩංගුවටපත් කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න අතර මෙහි කහ කිලෝග්‍රෑම් දහසකට වැඩි ප්‍රමාණයක්  ඇති බව ගණන් බලා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();