Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩිජිටල් තාක්ෂණය ජනතාගත කීරිමට පෞද්ගලික අංශයේ සහය

 ඩිජිටල් තාක්ෂණයේ  ප්‍රතිලාභ ජනතාවවෙත ගෙනයාමේ ජාතික  වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සදහා  පෞද්ගලික  අංශයද එක්වේ. 
 
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා සීමාසහිත කෛමු  ලංකා පෞද්ගලික ආයතනය (daraz.lk) පසුගියදා  අත්සන් කෙරුණු අවබෝදතා ගිවිසුමෙන් මේබව තහවුරු කෙරිණි.  
 
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීමෙන් දිවයින  පුරා  ක්‍රියාත්මක ස්මාර්ට් සමාජකව ,සුහුරුලිය ,හා නැණසළ  සංවිධාන සුළු  මධ්‍යය ප්‍රමාණ ව්‍යවසායකයන්ට අන්තර්ජාලය උපයෝගීකරගෙන  සිය ව්‍යාපාර  ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය දැනුම හා පුහුණු ව ලබාදෙයි . මේ සදහා සීමාසහිත කෛමු ලංකා
පෞද්ගලික ආයතනය සහායවීම මෙම ගිවිසුමේ අරමුණ වී තිබේ .  
 
ඩරාස් වෙබ් අඩවිය අන්තර්ජාතිකව මාර්ගගත (online)  භාණ්ඩ හුවමාරුවේ යෙදෙන පුළුල් ව්‍යාපාරයකි .  මෙම වැඩපිළිවෙල මගින්  නව ව්‍යාපාරික  අවස්ථා දේශීයව ප්‍රවර්ධනය කිරීමෙන් විදේශීය වෙළෙදපොලට පිවිසීමට සුළු  හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයන්ට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
 
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්තාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජයන්ත ද සිල්වා ,ප්‍රධාන විධායක මහින්ද බි හේරත්, අංශ ප්‍රධානි- සන්වර්තන  සමීර ජයවර්ධන, ඩරාස් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යයක්ෂ රක්හිල් ප්‍රනන්දු   ප්‍රධානි- හවුල්කාරිත්ව  දුලික ජයමාන්න ,ප්‍රධානී -ප්‍රජා විකුණුම්  ප්‍රවීන් රුක්ෂාන් ෂාවිර් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();