Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පවතින නීතිරිතී පොලීසිය විසින්ම කඩයි.

නව මංතීරු ක්‍රමය යටතේ බස්රථ මංතීරුවේ ත්‍රීරෝද රිය සහ යතුරුපැදි ධාවනය කරවීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. ඊට අමතරව මෙම තීරණයට එරෙහිව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය  නීතිමය පියවර ගනු ලබන බවද ඔහු පවසසයි.

මෙම තීරණය ඉවත් කරගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න සඳහන් කර ඇත.

බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රී රෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීති විරෝධී බවත් රටේ පවතින නීතිරිතී පොලීසිය විසින්ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නුගේගොඩදී කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය. සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ 1940 වසරේදී බස් රථ සඳහා විශේෂිත මංතීරුවක් ගැසට් කර ඇති බවයි.

The post පවතින නීතිරිතී පොලීසිය විසින්ම කඩයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();