Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිසියට උපදෙස් දෙනවා බලපත්‍ර නැති වැලි ප්‍රවාහනය අල්ලන්න එපා කියලා.

“අවුරුදු 100ක් පමණ පැවති  වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම මගින්  කැමති විධියට වැලි කැපීමේ අවස්ථා නිර්මාණය වුණා. සිදුවන පාරිසරික හානිය සම්බන්ධයෙන් පරිසරවේදින් ක්‍රියාත්මක වී අධිකරණයේ අවධානය යොමු කිරීමට හැකි වූ නිසා දැන් බලපත්‍ර ක්‍රමය නැවත ඇතිකරන ලෙස නියෝග දී තිබෙනවා. ඒ විධියට බලපත්‍ර ක්‍රමය ඇති කරලා පොලිසියට උපදෙස් දෙනවා බලපත්‍ර නැති වැලි ප්‍රවාහනය අල්ලන්න එපා කියලා.

මනම්පිටියෙ වැලි ප්‍රශ්නය මේ ක්‍රියාදාමයට සම්බන්ධයි. මේ මහවැලි ගංගාවේ වැලි මනම්පිටිය ප්‍රදේශයේ රැස්වුණාම ගංවතුර ගැලීම් තත්වය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව වැලි ඉවත් කිරීමටත් කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් කර්මාන්තයට ඒවා යෙදවීමටත් 2008 රජය විසින් සමාගමක් පිහිටුවනු ලැබුවා. නමුත් වැලි කැණීම දේශපාලන හිතවතුන් විසින් සිදුකරන තත්වයක් තුළ විශාල දූෂිත ගනුදෙනු සිදුවුණා. 2015 දි මේ තත්වය වැලැක්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සේවකයන් බඳවාගෙන රාජ්‍ය සමාගමෙන් වැලි කැණීම ආරම්භ කළා. ඒ සමාගමේ සේවය කරන සේවකයන් 800 දෙනකුට අදාළ ගැටලු රාශියක් තිබෙනවා.

එහෙම තිබියදී මේ ආණ්ඩුව නැවත වරක් සමාගමෙන් වැලි කැණීමේ ක්‍රියාදාමය නැවතවරක් දේශපාලන හිතවතුන්ට පවරාදීමේ උත්සාහයක් ගෙන තිබෙනවා. මනම්පිටියෙ වැලි කැණීම් මංකඩ අත්පත් කරගැනීමට ආණ්ඩුවේ හෙංචයියන් පැමිණ තිබෙනවා. මේ නිසා ආණ්ඩුවේ ආදායම දේශපාලන ජාවාරම්කරුවන්ට හිමිකර දීමේ සහ ඒ් ජාවාරම්කරුවන් කිසිදු ඉවත් බවක් නැතිව ලාභ සෙවීමට වැලි කැණීමේදී මහවැලි ගංගාවේ පාරිසරික විනාශයක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.”

පුබුදු ජයගොඩ.

The post පොලිසියට උපදෙස් දෙනවා බලපත්‍ර නැති වැලි ප්‍රවාහනය අල්ලන්න එපා කියලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();