Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලි සබ්‍රිරිත් 20න් ලිස්සා යයි.

ඊයේ (12) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍අලි සබ්‍රිත්  20 වන සංශෝධන ගැන මෙසේ සදහන් කළේය.

ප්‍රශ්නය – 20 වන සංශෝධනය සකස් කළේ ඔබතුමාද ?

පිළිතුර – “නැහැ, මම නෙවෙයි. 20 වන සංශෝධනයෙන් වෙන්නෙ 19 වැනි සංශෝධනය ඉවත් කරලා 19ට පෙර පැවති තත්වයට යන එක විතරයි. ඒක කැබිනට් මණ්ඩලය සාමුහිකව ගත්තු සහ ලබාදීපු උපදෙස් මත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පතක් මත තමයි දැන් මේ 20වන කෙටුම්පත තියෙන්නෙ”

ප්‍රශ්නය – නමුත් මේකට මූලිකත්වය දරනවා කිව්වෙ ඔබතුමා තමයි. අවසානයේ ඔබතුමා නෙවෙයි මේක වෙනත් අයෙක් විසින්ද වෙනත් පිරිසක් විසින්ද සකසන්නේ ?

පිළිතුර – “නැහැ. කැබිනට් මණ්ඩලය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 42වන ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයට තමයි නීති සම්පාදනය කිරීමේ බලය තියෙන්නෙ. ඔවුන් ලබාදෙන උපදෙස් අනුව ඒක කෙටුම්පත් කරනවා. කෙටුම්පත් කරන දෙපාර්තමේන්තුව මං යටතේ තියෙන හින්දා, රේඛීය අමාත්‍යාංශය මං යටතේ තියෙන හින්දා තමයි මම ඔවුන් එක්ක සම්බන්ධීකරණය කළේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන්. මගේ කිසිදෙයක් අලුතින් නැහැ මේකෙ. මේකෙ තියෙන්නෙ 19ට පෙර තිබුණු 18 තත්වය”

ප්‍රශ්නය – දැන් මේක සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙක ලබාගන්නෙ කොහොමද ඔබතුමන්ලා ?

පිළිතුර – “ඒක අපි ගන්නවා. ඇයි අපට දැනටම ඉන්නවානෙ 150ක්. 146 දෙනෙක් ඉන්නවා අපෙ පක්ෂෙ. තව හතර දෙනෙක් ඉන්නවා අපිත් එක්ක එකතුවෙලා ඡන්දෙ ඉල්ලපු. තව 15ක් විතර ඉන්නවා හැමදාම තට්ටු කර කර අපේ පක්ෂෙට එන්න ඉල්ලන අය. මේ සියල්ල එක්ක 150 ඉතාම පහසුවෙන්ම ගන්නවා” යනුවෙන් ඔහු කළේය.

The post අලි සබ්‍රිරිත් 20න් ලිස්සා යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();