Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2008 සිට අතාවුල්ලා, හිස්බුල්ලා, අමීර් අලී, රිෂාඩ් බදියුදීන් සහරාන් ඇතුළු අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට දුන්නේ නැහැ.

පසුගිය සියලුම ආණ්ඩුවල මුස්ලිම් ඇමතිවරුන් වු අතාවුල්ලා, හිස්බුල්ලා, අමීර් අලී සහ රිෂාඩ් බදියුදීන් 2008 සිට සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නදුන් බව නැගෙනහිර පළාත් හිටපු ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක  පාස්කු කොමිසම හමුවේ අනාවරණය කරයි.
එහිදී කොමිසම හමුවේ පවසා ඇත්තේ
හිස්බුල්ලා, අන්තවාදී සංවිධාන සඳහා අවි ආයුධ ලබාදුන් බවත්, සාමාන්ය වැසියන් අන්තවාදීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට බිය වූයේ හිස්බුල්ලාගේ ආණ්ඩුබලය හේතුවෙන් බවත්ය.
බෂිර් සේගු දාවුද්ගෙන් මුදල් ලබාගෙන පිල්ලියාන්ගේ TMVP සාමාජිකයින් සහ කරුණා ගේ කණ්ඩායම් සතුව තිබු T-56 අවිආයුධ ඔවුන් ලබාගත් බවත්ය.
මැතිවරණය වැනි හේතු මත මුස්ලිම් අන්තවාදීන්ගේ ආයුධ අත්අඩංගුවට ගැනීම සිදුනොකරන ලෙස රාජපක්ෂ පාලන සමයේ හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය මහතා දැනුම් දුන් බවය .
යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාත තුළ ජිහාඩ් සංවිධාන නම් සංවිධාන තුළ පිබිදීමක් ඇති වූ බවත්, මොවුන් නීතිය පිළිපැදීමෙන් වැළකි හෙල්මට් භාවිතා නොකිරිම, කණ්ඩායම් වශයෙන් පොලීසියට පහරදීම වැනි ක්රියාවල නිතර වූ බවය.
එමෙන්ම නැගෙනහිර පළාතේ ක්රියාත්මක වන මුස්ලිම් කණ්ඩායම් 18 ක් සතුව අවි ආයුධ පවතින බවට තොරතුරු වාර්තා වූ අතර එම තරුණ පිරිස් අන්තවාදි ලෙස හැසිරෙමින් නැගෙනහිර පළාතේ මංකොල්ලකෑම්, කප්පම් ගැනිම් හා මිනීමැරුම් සිදු කළත් අත්අඩංගුවට ගැනීමට පැවති ආණ්ඩුවේ ප්රබලයින් ඉඩ නුදුන් බවය.
යුද්ධයෙන් පසුව නැගෙනහිර මාර්ගවල මැදකොටස ඉවත් කර එම ස්ථානවල රටඉඳි ගස් සිටුවීමට මූලිකත්වය ගනු ලැබුවේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවත්, එම කාලය තුලි සීඝ්රයෙන් පල්ලි ඉදිවිම සහ කාන්තාවන් කළු අබාය ඇඳීම වර්ධනය වූ බවය.

The post 2008 සිට අතාවුල්ලා, හිස්බුල්ලා, අමීර් අලී, රිෂාඩ් බදියුදීන් සහරාන් ඇතුළු අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට දුන්නේ නැහැ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();