පසුගිය 30 ජුලි වනදා අත්අඩංගුවට ගැනුණු නවීන තාක්ෂණ යොදාගෙන නීති විරෝධීව සිදුකරන ලද මහා පරිමාන මත්පැන් නිෂ්පාදන මධ්‍යස්ථානයක් වටලා එතනෝල් ලීටර් 4000ක් සමග පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගත බවට වාර්තා පළවුනා. ඒ අනුව B/14/0/17 දරණ අංකය යටතේ කොළඹ අපරාධ කොටසය විසින් කළුතර මහේස්ත්‍රාත් තුමියට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (11) දින පයාගල සිදුවූ මහා එතනෝල් ජාවාරම සම්බන්දව ප්‍රධාන සැකකරු වන දමිත් ධනංජය නැමැත්තා සහ තවත් අට දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව වාර්තා වනවා.
ඊට අමතරව මෙන්ඩිස් සමාගමේ කළමනාකරණය අධ්‍යක්ෂක වරයෙක් යයි හදුන්වාගන්නා එතනෝල් ජයලත් නමැත්තා සහ ඔහු සමග කටයුතු කල වෙනත් අධ්‍යක්ෂක වරු හදුනා ගැනීමට සියලුම බැංකු ගිණුම් වාර්තා සහ දුරකථන වාර්තා පරික්ෂා කිරීමටද නියෝග කොට ඇති අතර හොර අරක්කු නිෂ්පානය කර වෙළදපොලට නිකුත් කිරීම නිසා අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි සුමුදු හේවගේ නීතිඥවරයා මෙම නිෂ්පාදන වෙළදපොළ තුළ සංසරණය වීම නිසා අගතියට පත් පාර්ශවයට විශාල පාඩුවක් මෙන්ම රජයට විශාල බදු මුදලක් අහිමිවූ බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටියා.
මෙම වැටලීම සිදුකල අකාරය පසුගිය ජුලි 30 වනදා මාධ්‍ය වාර්තා කොට තිබුනේ මේ අයුරින්…
from රට තොට – Colombo Tribune https://ift.tt/2DLxj7Y
tribune
0 Comments