“ගේට්ටුව වහලා ලංකාවෙ මිනිස්සු හිරකරගෙන. චීන්නු එහෙට මෙහෙට යනවා”
“චීන්නුන්ට මේක යට වෙලාද? ඇයි අපි මේ චීනෙ වගේ වැඩ කරන්නේ?”
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නිරතව සිටි කම්කරුවන්, රියදුරන් වැඩ පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක යෙදෙමින් කියා සිටියේ මාර්තු මස 20 වනදා සිට තමන්ව සේවයට කැඳවා නොමැති බවයි.
ඔවුන් 2017 වසරේදී මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වෙමින් කටයුතු කළ තෙවසරකට වැඩි අත්දැකීම් සහිත පිරිසක්. වරාය නගරයේ උප කොන්ත්‍රාත් සමාගමකට අනියුක්තව සේවය කරමින් සිටි මේ පිරිස පවසන්නේ මාස 5කින් පමණ 150කට ආසන්න පිරිසක් යළි සේවයට කැඳවා නොමැති බවයි.
එමෙන්ම, විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ අදාල ව්‍යාපෘතියේ සේවයේ නිරත පහසුකම් සැපයීමද ප්‍රමාණවත් නොවන බවයි
“හදිසියක් උනොත් ගිලන් රථයක් නෑ. තුවාලයක්*අසනීපයක් වෙලා ටිකක් හිටියොත් චීන්නු ඇවිත් කෑ ගහනවා. චීන්නු ඒකාධිපති වියරුවකින් මිනිස්සුන්ගෙන් වැඩ ගන්නේ. මේක චීනෙද නැත්තං ශ්‍රීලංකාවද?” යැයි එක් සේවකයෙක් අදහස් දක්වමින් පවසයි.
from රට තොට – Colombo Tribune https://ift.tt/3afFPIf
tribune
0 Comments