Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිල ඡන්ද කාඩ් නොලැබුණු අයටත් ඡන්දය භාවිතා කළ හැකි ක්‍රමය

 
නිල ඡන්ද කාඩ් නොලැබුණද 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්ද දායකයෙකු නම් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
ඒ අනුව ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නා වෙනත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර තම ඡන්දය භාවිතා කළ හැකියි.
 
මේ සඳහා ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත්, භික්ෂු භික්ෂුණී හැඳුනුම්පත, මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඡායාරූපයක් සහිතව නිකුත් කරන ලද තාවකාලික ලිපිය පිළිගැනෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();