Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුවට අති විශිෂ්ට ජයක්

පොහොට්ටුවේ නවකයින් වැඩි පිරිසක් මැතිසබයට

නවවැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පෙරේදා (05) පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්ක කරන්නට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සමත්ව තිබේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 145ක් ලබා ගනිද්දී දෙවැනි තැනට පත්ව සිටින සමඟි ජන බලවේගය ඡන්ද 2,771,984ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 54ක් ලබාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ඡන්ද 4,081,709 ලබා ගනිමින් මෙම මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

 

ඒ අනුව එම පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 18 ක ජය තහවුරු කරගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 128 ක් ලබාගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගෙන ඇත. ඒ අනුව එම පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 18 ක ජය තහවුරු කරගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 128 ක් ලබාගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගෙන ඇත. මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නුවරඑළිය, අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොණරාගල, මාතලේ, කෑගල්ල, කුරුණැගල, රත්නපුර, ගම්පහ, කොළඹ, මහනුවර, දිගාමඩුල්ල, පුත්තලම සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සියල්ල විශිෂ්ඨ ලෙස ජය ගැනීමට සමත්ව විය.

 

සමඟ ජන බලවේගය ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට සමත්ව තිබෙන අතර එම පක්ෂය දිනාගෙන තිබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 47කි. ඊට අමතරව මඩකලපුව, යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක ජයගත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මන්ත්‍රී ආසන 9ක් දිනා ගැනීමට සමත්ව තිබේ. ඊට අමතරව ජාතික ජන බලවේගය විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ආසන එක බැඟින් ආසන දෙකක් දිනාගෙන සිටී.

 

වන්නි සහ යාපනය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඊ.පී.ඩී.පී පක්ෂය මන්ත්‍රී ආසන දෙකක් දිනාගෙන තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් දිනාගෙන ඇත. තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂය යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද ජාතික කොංග්‍රසය දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද අකිල ඉලංකෙයි මහජන කොංග්‍රසය දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් ද දිනාගෙන තිබේ.

 

මේ අතර අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය යාපනය දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද එම දිස්ත්‍රික්කයෙන්ම තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයට එක් මන්ත්‍රී ආසනයක් ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් ජාතික සන්ධානය සඳහා එක් මන්ත්‍රී ආසනයක් ද හිමිව තිබේ. ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව උඩුයටිකුරු කළ මැතිවරණයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණය හදුන්වා දියහැකි අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ 24 දෙනෙකු මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වීම ද විශේෂත්වයකි.

 

ගාල්ල දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 7ක් දිනාගෙන තිබෙන අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 2ක් ලැබී තිබේ. එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් හිමිවී නොමැති අතර එම දිස්ත්‍රික්කයේ ආසන 10 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 430,334ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බලවේගයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 115,456ක් ලැබී තිබේ. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 29963ක් වන අතර එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 18968ක් ලබාගෙන ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 826,939ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645,803 කි. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35751ක් ද වලංගු ඡන්ද සංඛ්‍යාව 610,052ක්ද වෙයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 70.54ක් ලැබී තිබේ.

 

මාතර දිස්ත්‍රික්කයෙන් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 6ක් හිමිවී තිබෙන අතර සමගි ජන බලවේගයට ලැබී ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් පමණි. එක්සත් ජාතික පක්ෂයට මාතර දිස්ත්‍රික්කයෙන් කිසිදු ආසනයක් හිමිවී නොමැති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික්කයේ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 352,217ක් වෙයි. සමගි ජන බලවේගයට මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 72740ක් ලැබී තිබෙන අතර ජාතික ජන බලවේගයට ඡන්ද 37136ක් හිමිව තිබේ.

 

එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7631ක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 630438කි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 500957ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 22578කි. මාතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 478379ක් වෙයි.

 

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව එම දිස්ත්‍රික්කයේ බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙන අතර එම පක්ෂයට මන්ත්‍රීධූර 5ක් ද සමඟි ජනබලවේගය සඳහා මන්ත්‍රීධූර එකක් ද හිමිකරගෙන ඇත. ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193ක් ලබාගෙන තිබේ. සමඟි ජන බලවේගය ඡන්ද 54,147ක් ලබාගෙන තිබෙන අතර ජාතික ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික්කය තුල ඡන්ද 11,429ක් ලබාගෙන ඇත.

 

එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කය තුල ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 3,494ක් පමණක් වන අතර බිබිල, වැල්ලවාය සහ මොණරාගල යන ආසන තුන මොණරාගල දිස්ත්‍රික්කයට ඇතුළත් වෙයි. බිබිල ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 42955 ක් ලබාගෙන තිබෙන අතර සමගි ජන බලවේගය ඡන්ද 13458ක් ලබාගෙන ඇත. ජාතික ජන බලවේගය ඡන්ද 2480ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 1157ක් ද වෙයි. මොණරාගල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 58205ක් හිමිවී තිබෙන අතර සමගි ජන බලවේගය ඡන්ද 16753ක් ලබාගෙන තිබේ.

 

ජාතික ජන බලවේගයට මොණරාගල ආසනයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 2783කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 867ක් ලබාගත්තා. වැල්ලවාය ආසනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 91593ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත්වුනා. සමගි ජන බලවේගය ඡන්ද 20087ක් ලබාගත්තා. ජාතික ජන බලවේගය ඡන්ද 4679ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය වැල්ලවාය ආසනයෙන් ලබාගත්තේ ඡන්ද 1042ක් පමණයි.

 

මොණරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 348744ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 301197කි. ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 20312ක් වන අතර මොණරාගල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 280885කි.

 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජය හිමිවුයේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 230389 ක් වන අතර මන්ත්‍රීධූර 5 ක් දිනාගෙන ඇත. සමගි ජනබලවේගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 132008 ක් ලබාගනිමින් මන්ත්‍රීධූර 3ක් දිනාගෙන තිබෙන අතර ස්වාධීන කණ්ඩායම 1 ඡන්ද 17107ක් ලබාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 12974 ක් වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 557976 ක් වෙයි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 465025ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 42048කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දවලින් ද පෙරමුණ හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර එම පක්ෂය ඡන්ද 11751ක් ලබාගෙන ඇත. සමගි ජන බලවේගය තැපැල් ඡන්ද 3682ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 720ක් ද ජාතික ජනබලවේගය 671ක්ද හිමිකරගෙන තිබේ.

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශ ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබෙන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 344458ක් වෙයි. සමගි ජන බලවේගය ඡන්ද 119788ක් ලබාගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 24492ක් ලබාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇත්තේ ඡන්ද 8254ක් පමණක් වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 637176කි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 542371ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35469කි. වලංගු ඡන්ද සංඛ්‍යාව 506902කි.

 

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජය හිමිව තිබෙන අතර එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 309538කි. ලබාගත් මන්ත්‍රීධූර සංඛ්‍යාව 6ක් වන අතර සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 144290ක් ලබාගෙන මන්ත්‍රීධූර 3ක් ලබාගෙන තිබෙන අතර ජාතික ජන බලවේගය ඡන්ද 19308ක් ලබාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 9163ක් වන අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 625294කි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 537416 ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 38621ක් වෙයි. වලංගු ඡන්ද සංඛ්‍යාව 498795කි.

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 280881ක් වන අතර සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 51758ක් ලබාගෙන තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 31362ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 5017ක්ද ලබාගෙන ඇත. දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 472718ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 392988කි. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 18971ක් වන අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 374017කි.

 

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ද ජය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 180,847ක් ලබාගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 4ක් හිමිකරගෙන ඇත. සමඟි ජන බලවේගය ලබාගෙන ඇත්තේ ඡන්ද 47,781ක් වන අතර එම පක්ෂයට ද එක් මන්ත්‍රීධූරයක් හිමිව තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 6,792ක් ද එක්සත් ජාතික පක්ෂය 6525ක් හිමිව ඇති අතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 311,559 ක් වෙයි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 261539ක් සහ ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 16020 ක් වන අතර වලංගු ඡන්ද සංඛ්‍යාව 245,519ක් වෙයි.

 

මේ අතර කලුතර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 448699ක් වන අතර මන්ත්‍රීධූර 8ක්ද සමගි ජන බලවේගය ඡන්ද 171988ක් ලබාගනිමින් මන්ත්‍රීධූර 2ක් ද දිනාගෙන තිබේ. ජාතික ජන බලවේගය 33434ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට කලුතර දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 16485කි. කලුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 934542ක් වන අතර ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 746671කි. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 6415ක් වන අතර දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 700256කි.

 

මාතලේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 188,779 ක් දිනා ගනිමින් මන්ත්‍රීධූර 4ක් දිනාගෙන තිබෙන අතර සමඟි ජනබලවේගය ඡන්ද 73955 ක් ලබාගනිමින් මන්ත්‍රීධූරයක් හිමිකරගෙන ඇත. සමඟි ජනබලවේගය ඡන්ද 73955ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 33434ක්ද එක්සත් ජාතික පක්ෂය 16485 ක් ද ලබාගෙන තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331573ක් ලබාගෙන තිබෙන අතර මන්ත්‍රීධූර 07ක් දිනාගෙන තිබේ. සමඟි ජන බලවේගය ඡන්ද 131317ක් ලබා මන්ත්‍රීධූර 2ක් දිනගෙන තිබෙන අතර ජාතික ජන බලවේගය ඡන්ද 14033ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12168ක් ද ලබාගෙන ඇත.

 

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය සමගි ජන බලවේගය ජයග්‍රහණය කර තිබෙන අතර ඡන්ද 86,394 ක් ලබාගනිමින් ආසන 02 දිනාගෙන තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 68,681 ක් ලබාගනිමින් ආසනයක් දිනා තිබෙන අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි ඡන්ද 39,570 ක් ලබා ආසනයක් ද ඊ.පී.ඩී.පී ඡන්ද 3775ක්ද ලබාගෙන තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 649,965 ක් ලබාගෙන ආසන 11 දිනා තිබෙන අතර සමඟි ජන බලවේගය ඡන්ද 244,860 ලබාගෙන ආසන 04 දිනාගෙන ඇත. ඊට අමතරව ජාතික ජන බලවේගය ඡන්ද 36,290 ක්ද එක්සත් ජාතික පක්ෂය 26,770 ක්ද ලබාගෙන තිබේ.

 

මඩකලපුව දිස්ත්‍රික්කය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ජයග්‍රහණය කර තිබෙන අතර එම පක්ෂය ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 30,599 ක් වෙයි. එක්සත් සාම සන්ධානය ඡන්ද 27,264 ක්ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 20,791 ක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 13,726 ක් සහ සමඟි ජන බලවේගය ඡන්ද 9,223 ලබාගෙන ඇත. රත්නපුර දිස්ත්‍රික්කය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙන අතර ඡන්ද 446,688 ලබාගනිමින් ආසන 08 දිනාගෙන තිබේ. සමඟි ජන බලවේගය ඡන්ද 155,759 ක් ලබා තිබෙන අතර ආසන ආසන 03 දිනාගෙන තිබේ. ජාතික ජන බලවේගය ඡන්ද 17,611 ලබා තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12,349 ලබාගෙන ඇත.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන අතර ඡන්ද 804,895 ලබාගනිමින් ආසන 13 දිනා තිබේ. සමඟි ජන බලවේගය ඡන්ද 285,809 සහ ආසන 04 දිනා ගනිමින් ජාතික ජන බලවේගය ඡන්ද 61,833 ක් සහ එක් ආසනයක් ද දිනාගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂය ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 28282 කි. කොළඹ දිස්ත්‍රික්කයේ ජය මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන අතර ඡන්ද 674,603 ලබා ගනිමින් ආසන 12 දිනාගෙන තිබේ. සමඟි ජන බලවේගය ඡන්ද 387,145 ලබාගනිමින් ආසන 06 දිනාගෙන තිබෙන අතර ජාතික ජන බලවේගය ඡන්ද 67,600 ලබාගනිමින් එක් ආසනයක් දිනාගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 30,875 ලබා ඇත.

 

වන්නි දිස්ත්‍රික්කයේ ජය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට හිමිව තිබෙන අතර එම පක්ෂය ලබා තිබෙන ඡන්ද සංඛ්‍යාව 69916ක් සහ ආසන 3 දිනාගන්නා අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා තිබෙන ඡන්ද සංඛ්‍යාව 42524ක් සහ ආසන එකකි. සමඟි ජන බලවේගයට ඡන්ද 37883ක් සහ ආසන එකක් ද ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට 11310 ක් හා ආසන එකක් ද හිමිව තිබෙන අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 268034කි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 224856ක් වන අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 17019කි. වලංගු ඡන්ද සංඛ්‍යාව 207837ක් වෙයි.

 

මහනුවර දිස්ත්‍රික්කය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කර තිබෙන අතර එම පක්ෂය ලබා තිබෙන ඡන්ද සංඛ්‍යාව 477,446 ක් සහ දිනා තිබෙන ආසන ගණන 08 ක් වෙයි. සමඟි ජන බලවේගය ඡන්ද 234,523 ක් සහ ආසන ආසන 04 දිනා තිබෙන අතර ස්වාධීන කණ්ඩායම් 01 ඡන්ද 25797ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 22997ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 19,012 ක් ද ලබාගෙන ඇත.

 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 126012ක් ලබා තිබෙන අතර සමඟි ජන බලවේගය ඡන්ද 102274, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය 43319, ජාතික කොංග්‍රසය 38911, අකිල ඉලංකෙයි තමිල් මහාසභා 29379, ඉලංකෙයි තමිල් අරසු කච්චි 25255 ක් හිමිකරගෙන තිබේ.

 

යාපනය දිස්ත්‍රික්කය ඉලංගෙයි තමිල් අරසු කච්චි ජයග්‍රහණය කර තිබෙන අතර එම පක්ෂය ඡන්ද 112,967 ලබාගනිමින් ආසන 03 ක්ද අකිල ලංකා තමිල් කොංග්‍රසය ඡන්ද 55,303 ලබාගනිමින් ආසන 01 ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 49,373 ලබාගනිමින් එක් ආසනයක් ද දිනාගෙන තිබේ. ඊ.පී.ඩී.පී පක්ෂය ඡන්ද 45,797 ලබාගනිමින් ආසන 01 ක්ද ටී.එම්.ටී.කේ පක්ෂය ඡන්ද 35,927 ලබාගනිමින් ආසනයක් දිනාගෙන තිබේ.

 

පුත්තලම දිස්ත්‍රික්කය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබෙන අතර එම පක්ෂය ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 220,566කි. පොදුජන පෙරමුණ ආසන 5ක් දිනාගෙන තිබෙන අතර සමඟි ජන බලවේගය ඡන්ද 80,183 ක් ලබාගනිමින් ආසන 02 දිනාගෙන ඇත. මුස්ලිම් ජාතික සන්ධානය ඡන්ද 55,981 දිනාගෙන තිබෙන අතර ආසන 01 ක්ද ජාතික ජන බලවේගය ඡන්ද 9944 ක්ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 7,985 ක්ද ලබාගෙන තිබේ.

 

මහින්ද අලුත්ගෙදර, ගයාන් කුමාර වීරසිංහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();