Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් දෙයි

බුවනෙක හෝටලය ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු එම නගර සභාවේ පස්දෙනකු අත්අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ (6) වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් නුවර පක්ෂගේ ප්‍රදීප් නිශාන්ත, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නගර සභාවේ වැඩ අධිකාරි, ඉලාලු ඩී සුල්ෆිකාර් සහ කුරුණෑගල නගර සභාවේ බැකෝ යන්ත්‍රය ක්‍රියාකරු වන සූරිය පටබැදිගේ ලක්ෂ්මන් ප්‍රියන්ත යන අය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත.

කුමුදු හෙට්ටිආරච්චි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();