09 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම අද සවස 05ට අවසන් විය.
ලියාපදිංචි ඡන්ද දායකයින් එක්කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.
මෙවර මහ මැතිවරණයේදී දිවයිනේ ප්‍රකාශිත සමස්ථ ඡන්ද ප්‍රතිශතය 71% ක් බව මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වුණ මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එමෙන්ම වසංගත තත්ත්වයක් පවතින කාලයක තම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි සියළුම ජනතාවටද කොමසාරිස්වරයා විසින් එහිදී ස්තුතිය පළකරන ලදි.


0 Comments