Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට අදාළව බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.   
 
මොහු ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අයෙකි.
 
මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැඳවනු ලැබූ අතර , එහිදී අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු සැකකරු ඊයේ(03) රාත්‍රි 08.25ට පමණ  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
 
එම සැකකරු අද(04) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මෙම සිද්ධියට අදාළව පසුගිය මස 31 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් අතර, ලබන හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();