Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ටික්ටොක්වල අමෙරිමෙහෙයුම් මිල දී ගැනීමට මයික්‍රොසොෆ්ට් කැමැත්තෙන්

චීනයට අයත් වීඩියෝ හුවමාරු කරන මෘදුකාංගයක් වන ටික් ටොක්වල අමෙරිකාවේ මෙහෙයුම් මිල දී ගැනීමට ලොව අංක එකේ තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් කැමැත්ත පළ කර ඒ සම්බන්ධ සාකච්ඡා සිදු කරමින් සිටින බව වාර්තා වේ. මේ මෙහෙයුම් මිලදී ගැනීම ගැන ඉකුත් දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ද සමාගමේ ප්‍රධානී සත්‍යා නඩෙල්ලා සාකච්ඡා කර තිබේ. මේ කාරණාවේ වැදගත්කම ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ බව ද සමාගම වැඩිදුරටත් කීය. මෘදුකාංගයේ සම්පූර්ණ ආරක්ෂක විධිවිධාන ගැන ද ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. මේ ගනුදෙනුවෙන් රටට ඇති වන වාසිය කුමක්දැයි පෙන්වා දීමට ද මයික්‍රොසොෆ්ට් සමාගමට සිදුවනු ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();