සියළුම ඡන්ද මධ්‍යස්ථාන, මහ නගර සභා නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල සහාය ලබාගෙන සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ අද (03) සහ හෙට (04) යන දිනයන්හිදී විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ සැලසුම් කර තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ලෝහ පෘෂ්ඨ සියයට 70 ක් මද්‍යසාර අඩංගු ද්‍රාවණයකින් විෂබීජහරණය කළ යුතු අතර ලෝහ නොවන පෘෂ්ඨ සියයට 0.1 සෝඩියම් හයිපොක්ලෝරයිඞ් යොදා විෂබීජහරණය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාට දන්වා ඇත.
ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වෙන ගොඩනැඟිලි ඇතුළත හා පිටත සියලු බිත්තිවලට බිම් මට්ටමේ සිට අඩි 6 දක්වා උසට විෂබීජහරණය කළ යුතු වෙයි.
ඡන්දය දැමීමට පැමිණෙන ඡන්දදායකයන් සබන් යොදා දෑත් සේදීම කළ යුතු අතර එසේ නැතිනම් විෂබීජහරණය කළ යුතු බවද සෞඛ්‍ය අංශ නිකුත් කළ මාර්ගෝපදේශණයේ දැක්වෙයි.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ගේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් යෙදවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.


0 Comments