Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෝමාගම දී පුපුරණ ද්‍රව්‍ය සමග අවි ආයුධ හා උපකරණ රැසක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ අද (02) අළුයම නිවසක් පරීක්ෂා කිරීමේ දී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවි සමඟ තවත් උපරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ අතර, අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, ඩෙටනේටර් 2ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, රිපිටර් උණ්ඩ 10ක්, අත් විලංගු ජෝඩුවක්, එයාර් රයිෆල් අවියක් එම උණ්ඩ 600ක් සහ ඩී.වී.ඩී.ප්ලේයර් 3ක් සොයා ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
 
2020.06.29 වන දින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ඊයේ (01) හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හා සැකකාරිය මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත.
 
එහිදී අනාවරණය වු කරුණු මත එම නිලධාරීන් විසින් ඊයේ රාත්‍රීයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී තවත් සැකකරුවෙකු ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වයස අවුරුදු 38ක් වු හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අද අළුයම මෙම වැටලීම සිදුකර ඇත.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();