Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව විශාලතම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ දී වටලයි

ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ(01) ඉතාලියේ දී සිදු කර තිබේ.
 
මෙහිදී මෙටි‍්‍රක් ටොන් 14 ක ඇම්ෆෙටැමයින් නැමැති මත්පෙති සොයා ගෙන ඇති අතර ඒවා ඉතාලි පොලිසිය විසින් රාජසන්තක කරන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
එරට පොලිසිය විසින් සලේනෝ වරායේ කන්ටේනර් තුනක අසුරා තිබියදී මේවා සොයා ගැනුණි.
 
කාඩ් බෝඩ්වලින් සකසන ලද සිලින්ඩරාකාර බහලුම් තුළ මත්පෙති මිලියන 84 ක් අසුරා තිබූ බව සදහන් වේ. 
 
සිරියාවේ ක්‍රියාත්මක අයි එස් අයි එස් ත්‍රස්තයන් විසින් මේවා ඉතාලියට එවා ඇති බවට එරට පොලීසිය සැක කරන අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 1.12 කි.
 
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම සහ ප්‍රමාණය යන දෙකටම අනුව ලොව විශාලතම  මත්ද්‍රව්‍ය තොගය මෙම කඩඉම බව විමර්ශකයෝ පවසා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();