Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදුලි බිල් ගැටලු වලට සහන දෙන්න යෝජනා ඉදිරිපත් කිරීමට සිව් පුද්ගල කමිටුවක්

කොවිඩ් 19 නිසා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් විදුලි බිල සම්බන්ධ ගැටලු සාකච්ඡා කර සහනයක් ලබාදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ. කමිටු වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
පසුගිය මාර්තු, අප්‍රේල් මාස සදහා නිකුත් කර ඇති විදුලිබිල් සම්බන්ධ ගැටලු පිළිබඳව ජනතාවගෙන් විවිධ පැමිණිලි ඉදිරිපත්ව තිබුනි. ඒ සම්බන්ධයෙන් ඊයේ (01) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇත. 
 
ඒ අනුව මේ පිළිබඳ කමිටුවක් පත් කිරිමට ජනාධිපතිතුමා, අමාත්‍ය මහින්ද අමරවීර මහතාට  උපදෙස් දී ඇත. 
 
කමිටුවේ සභාපතිත්වය දරන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතාය. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකු ද කමිටුවට ඇතුළත්ය. කමිටු වාර්තාව ලබන සදුදා වන විට ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරිය කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();