Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීනයේ CMC සමාගමෙන් ප්‍රවාහන අමාත්‍යාංශයට සෞඛාරක්ෂිත කට්ටල

Author(s): 
නිමල් රාජපක්ෂ

මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැලකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරත වන සේවකයන් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීමටත්, එම සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත කට්ටල තොගයක් පෙරේදා (02) ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.

විශේෂයෙන් ලබන සඳුදා සිට (08) දිවයින පුරා පොදු ප්‍රවාහන සේවා නැවතත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට ගන්නා ලද තීරණයත් සමඟ ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස් වෙත ලබා දීමට මේ සෞඛ්‍යාරක්ෂණ කට්ටල යොදා ගැනීමට නියමිතය. මේ උපකරණ කට්ටල තොගයට Face Mask, Face cover මෙන්ම Protecting kit ද ඇතුළත් වේ.

CMC සමාගමේ නියෝජිතයන් පිරිසක් විසින් අදාළ උපකරණ තොගය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ඇමැතිවරයා වෙත බාර දෙනු ලැබීය. එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මින් පෙර ද චීන රජය මෙන්ම චීන සමාගම් කිහිපයක් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා උපකරණ කට්ටල ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට බාර දුන් බව කී ඇමැතිවරයා චීනයේ CMC සමාගම වෙත සිය කෘතඥතාව පළ කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();