Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුලතිව් ප්‍රදේශයේ තහනම් පන්න නවත්වන්න ඇමැති ඩග්ලස්ගෙන් උපදෙස්

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

තහනම් පන්න යොදා ගනිමින් මුලතිව් ප්‍රදේශයේ සිදු කරන ධීවර කටයුතු වහාම නවත්වන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා නාවික හමුදා ඉහළ නිලධාරීන්ට දන්වා තිබේ.

ලයිට්කෝස් සහ හැඹිලි දැල් පන්න භාවිත කරමින් මේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ධීවර කර්මාන්තය සිදු කරන අතර, මේ නිසා සුළු පන්න ධීවරයන් අපහසුතා රැසකට මුහුණ දී සිටින බවද ඇමැතිවරයා නාවික හමුදා නිලධාරීන්ට දන්වා තිබේ.

පසුගිය දා මුලතිව් ප්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සමඟ සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ඔවුන්ට පැන නැඟී ඇති ගැටලු සාකච්ඡා කරන ලදි.

එහිදී එම ධීවරයන් පෙන්වා දෙන ලද්දේ තහනම් පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීම මගින් මේ මුහුදු ප්‍රදේශයේ සාගර සම්පත විශාල වශයෙන් විනාශ වනවා මෙන්ම මසුන් වඳ වී යන තත්ත්වයක් ද උද්ගත වී තිබෙන බවයි.‍ මේ සාකච්ඡාවට එක්වූ නාවික හමුදාවේ මුලතිව් භාර අණදෙන නිලධාරිවරයාට ධීවර ඇමැතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේ මේ තහනම් පන්න ක්‍රියාත්මක කරන ධීවරයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ සඳහා නාවික හමුදා නිලධාරින් ප්‍රමාණවත් නොවේ නම් පොලිසිය ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගන්නා ලෙසත් ඇමැතිවරයා උපදෙස් ලබා දෙන ලදි. මේ සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී අවශ්‍ය සහයෝගය ලබා ගන්නා ලෙසද ධීවර අමාත්‍යාංශ ලේකම්වරියට ඇමැතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.. මේ අවස්ථාවට ඉන්දු රත්නායක, වැඩ බලන ධීවර අධ්‍යක්ෂ කහවත්ත, මුලතිව් නාවික හමුදා කඳවුර භාර මෙහෙයුම් අධ්‍යක්ෂ කපිතාන් අනුර වීරසිංහ මහත්වරුන් සහ ධීවර නියෝජිතයෝ ද සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();