ජනාධිපතිතුමන් ව්‍යවස්ථානුකූලව එහි සෑම වගන්තියකටම ගරු කරමින් තම බලය පාවිච්චි කැර ඇති බැව් ශ්‍රේෂ්ඨධිකරණ නඩු තීන්දුවෙන් තහවුරු වන බවත් එනිසා ව්‍යවස්ථාවට හා ජනතා පරමාධිපත්‍යට ගරු කරමින් මැතිවරණ කොමිසම විසින් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
නීතියේ ආධිපත්‍ය ඉතාමත් ප්‍රභලව රැදී තිබෙන බැව් මෙම නඩු තින්දුවෙන් පැහැදිළි වන බවද එමෙන්ම තමන් කැමැති පාලකයන් හෝ පාලිකාවන් පත්කර ගැනීමට ජනතාවට ඇති පරමාධිපත්‍ය මින් තහවුරු වී ඇති බවද ඒ මහතා පෙන්වා දේ.
මහනුවර පිහිටි සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බැව් කීය.
අධිකරණයට හිස නමා තීන්දුව ඉහළින් පිළිගන්නා බවත් මෙය රටේ පරමාධිපත්‍ය සුරැකෙන ඉතා වැදගත් මෙන්ම විශ්ලේෂණාත්මක තීන්දුවක් බවත් රඹුක්වැල්ල මහතා පැවසිය.
ජනාධිපතිවරයාට එවනි බලයක් නැතැයි විපක්ෂයේ සියලු පිරිස් චෝදනා එල්ල කරද්දී පිස්සන් කුමක් කීවද ,කුමක් කලද දොස්තර නිහඩව බලා සිට ප්‍රතිකාර කරන්නා සේ ජනාධිපතිවරයා මෙහිදී වෛද්‍යවරයකු සේ කටයුතු කල බවත් හිටපු අමාත්‍යවරයා කීය.
තමන් ගැන විශ්වාසය තබන ලෙසත් තමන් ව්‍යවස්ථානුකූලව නිවැරැදිව තීන්දු ගත් බවත් ජනාධිපතිතුමන් පවසද්දී විපක්ෂය පිස්සන් සේ කටයුතු කල බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ අනූව සෞඛ්‍ය නිති,රීති වලට අනූව මැතිවරණ කොමිසම් සභාව රටෙහි ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම සදහා හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවත් ඉන් මැතිවරණ වලට බියේ පළා ගිය උදිවියට ඉතිහාසයේ අමිහිරිතම පරාජය උරුම වන බවත් හිටපු අමාත්‍යවරයා කීය.
0 Comments