Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බඩු මිල වැඩි වුණාට එහෙම වෙන්න හේතුවක් නෑ

ලංකාවේ බඩු මිල වැඩි වෙනවා. අපි කියනවා බඩු මිල වැඩි වෙන්න හේතුවක් නැහැ. අනිත් රටවල් වල ඇත්ත වශයෙන්ම කොවිඩ් - 19 නිසා බඩු මිල ටිකක් අඩු වුනා. ලෝකයේ ඉල්ලුම අඩු වෙලා බඩු මිල වැඩි වුන එකම රට හැටියට ලංකාව පත් වෙලා තියෙනවා යැයි හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03 දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වූ මහනුවර / මාතලේ 2020 මහ මැතිවරණ අපේක්ෂකයින්ගේ හමුවකට සහභාගී වෙමින් පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණයට සූදානම් වීමේ සාකච්ඡා වලට සහභාගි වුනා. ඒ අනුව දැන් අපි ඡන්දය කරන්න තිබෙනවා. මේ රටේ ව්‍යවස්ථාව අනුව මූලික බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව නැතුව ක්‍රියා කරන එක ඇත්ත වශයෙන්ම රටේ ව්‍යවස්ථාවට විරුද්ධයි. අනික් අතට මැතිවරණ කොමිසම කියන හැටියටම මේක ඇත්ත වශයෙන්ම හැම කෙනාටම ජීවත් වෙන්න පුලුවන් විදිහට කොවිඩ් - 19 රෝගයට යටත් වෙන්නේ නැතුව පවත්වන්න ඕනේ. ඒක අපි මැතිවරණ කොමසාරිස් සහ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කලා. මම වැඩියෙන්ම මතක් කරන්න කැමතියි මේ ඡන්දය අනික් ඡන්ද වලට වඩා වෙනස්. මම හිතන්නේ 1977 ඡන්දයට පස්සේ ඒ වගේ ඡන්දයක් තියෙන්නේ මේ සැරේ. . මොකද මේ කාලයේදී අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. මම ඒ ගැන අලුතෙන් කියන්න උවමනා නැහැ. කුලී වැඩ කරන අය අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම ත්‍රීරෝද රථ රියදුරන් අමාරුවෙන් ඉන්නේ. කුඩා කඩ සාප්පු තියෙන අය අමාරුවෙන් ඉන්නේ. ඇඟලුම් කර්මාන්ත වල ක්‍රියා කරන අය අමාරුවෙන් ඉන්නේ. කුඩා සංචාරක ව්‍යාපාරයේ ඉදන් විශාල සංචාරක ව්‍යාපාරය දක්වා සේවය කරන අය අමාරුවෙන් ජීවත් වෙන්නේ. කොහොමද ආදායම ලැබෙන්නේ කියලා හිතනවා. කොහොමද අපි දරුවන්ට ටියුෂන් වලට ගෙවන්නේ කොහොමද කියලා හිතනවා. ඒ වියදම් ඒ හැම කෙනාටම තිබෙනවා. එය දරාගන්න බැරුව තමයි අද ලංකාවේ ජනතාව ජීවත් වෙන්නේ. ඊට අමතරව බඩු මිල වැඩි වෙනවා. අපි කියනවා බඩු මිල වැඩි වෙන්න හේතුවක් නැහැ. අනිත් රටවල් වල ඇත්ත වශයෙන්ම කොවිඩ් - 19 නිසා බඩු මිල ටිකක් අඩු වුනා. ඇයි එදා තරම් ඉල්ලුම තිබුනේ නැහැ. ලෝකයේ ඉල්ලුම අඩු වෙලා බඩු මිල වැඩි වුන එකම රට හැටියට ලංකාව පත් වෙලා තියෙනවා. ඉතින් මේ දුෂ්කර කාරණය අපි හැම දෙනාට මතක තියා ගන්න ඕනේ. ලෝකෙ මෙහෙම නෙමෙයි. ආණ්ඩු ගණනාවක් ජනතාව ජීවත් කරන එක එක ව්‍යාපාර වල යෙදිලා තියෙනවා. ජනතාව ජීවත් කරන්න එක එක සහනාධාර දීලා තිබෙනවා. ආර්ථිකය ඉදිරියට ගෙනියන්න ඒ අය සැලසුම් ඇති කරනවා. ඇත්තටම ඒ රටවල් කුමක්ද කරන්නේ. හැකි විදිහට ජනතාවට සහන දීලා ඒ ආර්ථිකය නගා සිටවන්න තමයි ක්‍රියා කරන්නේ. ඒත් අපිට ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ඇත්ත වශයෙන්ම පොරොන්දු වුන දීමනා රජයට දෙන්න බැරි වුනා මාසයකට පස්සේ. මොකද ආර්ථික තත්ත්වය නිසා. මැතිවරණ කොමිසම ඒකත් තහනම් කලේ නැහැ. කිව්වේ ඇත්ත වශයෙන්ම දේශපාලනය නැතුව මේවා බෙදන්න කියලා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු යන්නේ නැතුව එය නිලධාරීන් මාර්ගයෙන් ලබා දෙන්න කියලා. ඒත් ආණ්ඩුවට මුදල් තිබුනේ නැහැ. ඒ වගේම පුද්ගලික ආයතන වලට බලාපොරොත්තු වුන විදිහට මුදල් ලැබිලා නැහැ. ණය ගන්න හරි අමාරුයි. ඉතින් මේ ප්‍රශ්ණ තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිට අද පෙනෙන්නේ ලෝකයේ සෑම රටකටම ආර්ථිකයෙන් පහරක් වැදුනට සාමාන්‍යයකට වඩා විශාල කඩා වැටීමක් ලංකාවේ ආර්ථිකයේ තියෙනවා.

ලැබෙන තොරතුරු අනුව ඇත්ත වශයෙන්ම මේ සැරේ අපේ විදේශ විනිමය අඩු වුන නිසා ආනයන භාණ්ඩ තහනම් කරන්න සිදු වුනා. ඒ වගේම තමයි ඇත්ත වශයෙන්ම අපේ ආදායම් අඩු වෙලා තියෙනවා.

ලැබෙන ආරංචි හැටියට මේ අවුරුද්දේ අයවැය රජයේ ආදායම් වියදම් අතර තියෙන පරතරය විශාලයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% ක් සමාන හිඟයක් තමයි තියෙන්නේ. ඒක විශාල එකක් මේ කාලේ ඇතුලත තිබ්බ අයවැය අතරින්. අපිට මීට ඉස්සෙල්ලා 2001 දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක අඩුවක් තිබුනා. එදා මම ආර්ථිකය භාර ගත්තට පස්සේ ඊලඟ අවුරුද්ද වන විට අපිට ඒ ප්‍රශ්ණය විසදන්න ලැබුනා. ඒත් මේ සැරේ තියෙන්න 9% රින අගයක් ඒ කියන්නේ වියදම් වැඩි වෙනවා දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% කින්. අපි ආණ්ඩුවට කියනවා මේ ගැන කරුණු හෙලි කරන්න. ඒක වහගෙන ඉන්න එපා. ඒක ජනතාවට බලපාන ප්‍රශ්ණයක්. විසඳුම් ලබා ගන්න පුලුවන්. අපිට කියන්න. ජාත්‍යන්තර ආයතන වලින් ණය මුදල් අරමුදල් ලැබෙනවාද නැද්ද, විදේශ රට වලින් ලැබෙනවාද නැද්ද කියලා ආර්ථිකය ගැන දැන ගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඇත්ත වශයෙන්ම එම කරුණු හන්ගන්න එපා ඇත්ත කියන්න. අපි මේ ගැන අදහස් හුවමාරු කරමු. මොකක්ද කල යුත්තේ කියලා. මෙහෙම කරුණු හංගගෙන ඉන්නවානම් අන්තිමට සිදු වෙන්නේ රටේ ජනතාවට කොවිඩ් - 19 ට යටත් නොවුනත් ඇත්ත වශයෙන්ම සාගින්නට යටවෙලා ජීවිතය නැති වෙනවා. ඉතින් ආර්ථිකය ගැන කථා කරලා සහන දෙන්න වැඩි පිළිවෙලක් අපි සාකච්ඡා කරමු.

මේ හමුවට ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුළු මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂයේ අප අපේක්ෂිකාවන් එක් වූහ.

ශිරෝමි අබයසිංහ සහ ආරියරත්න ගනේගොඩ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();