ජාතික කාන්තා ක්රිකට් සංචිතයේ ක්රීඩිකාවන් 20 දෙනකුගේ සහ නැගී එන කණ්ඩායමේ ක්රීඩිකාවන් 15 දෙනකුගේ ක්රිකට් ගිවිසුම් ඉදිරි මාස 6 ක කාල සීමාවකට දීර්ඝ කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. පසුගිය මාස 6ක කාලයේ ක්රීඩිකාවන් දැක්වූ දස්කම් සැළකිල්ලට ගනිමින් කාණ්ඩ 4ක් යටතේ ජාතික තලයේ ක්රීඩිකාවන් 20 දෙනකු ඒ අනුව ගිවිසුම අලුත් කර ගත් අතර නැගී එන කණ්ඩායමට එක්වූ නවක ක්රීඩිකාවන් රැසක් ද ගිවිසුම් ගත කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු සුපිරි ‘ඒ‘ කාණ්ඩය යටතේ යළි ගිවිසුම්ගතවී ඇති අතර ඇය මීට පෙර ද එම කාණ්ඩයට ඇතුළත්ව සිටියාය. මෙවර ‘ඒ‘ කාණ්ඩයේ ගිවිසුම්ගත ක්රීඩිකාවන් අතර සිටින එකම ක්රීඩිකාව චමරි අතපත්තු වීම කැපී පෙනේ. මිට පෙර හිටපු නායිකාවන් වන ශෂිකලා සිරිවර්ධන සහ ඉනෝකා රණවීර ද ‘ඒ‘ කාණ්ඩයෙන් ගිවිසුම්ගතව සිටිය ද ශෂිකලා සිරිවර්ධන පසුගියදා ක්රීඩාවෙන් සමුගැනීමත්, ඉනෝකා රණවීර ‘බී‘ කාණ්ඩයට ඇතුළත් වීමත් හේතුවෙන් ‘ඒ‘ කාණ්ඩය චමරි අතපත්තුට පමණක් සීමා වී තිබේ.
‘බී‘ කාණ්ඩය යටතේ අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්රබෝධනී, හසිනි පෙරේරා සහ හර්සිතා මාධවී ගිවිසුම්ගතවී සිටිති. මේ අතරින් උදේශිකා ප්රබෝධනී, හසිනි පෙරේරා සහ හර්සිතා මාධවී මීට පෙර ගිවිසුම්ගතවී සිටියේ ‘සී‘ කාණ්ඩය යටතේය. පසුගිය කාල සීමාවේ දැක්වූ දක්ෂතා අනුව මෙවර ඔවුන් ‘බී‘ කාණ්ඩය දක්වා උසස්වීමක් ලබා සිටිති. දිලානි මනෝදරා, ප්රසාදිනී වීරක්කොඩි සහ කවීෂා දිල්හාරී ‘සී‘ කාණ්ඩයෙන් ගිවිසුමට බැඳී සිටින අතර ‘ඩී‘ කාණ්ඩයට අමා කාංචනා, ඉමල්කා මෙන්ඩිස්, ඉනෝෂි ප්රනාන්දු, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, මධුෂිකා මෙත්තානන්ද, උමේෂා තිමේෂනී සහ සත්යා සංදීපනී ඇතුළත් වන බව වාර්තා වෙයි. මේ අතරින් යොවුන් ක්රීඩිකාවන් වන උමේෂා තිමේෂණී සහ සත්යා සංදීපනී මීට පෙර නැගී එන කණ්ඩායමේ ක්රීඩිකාවන් ලෙස ගිවිසුම්ගතව සිටියහ.
මෙවර නැගී එන කණ්ඩායමේ ක්රීඩිකාවන් ලෙස මල්ෂා ශෙහානී, ළිහිණී අප්සරා, තාරිකා සෙව්වන්දි, ජිමාංජලී විජේනායක, හර්ෂිණී විජේරත්න, ශෂිකලා සිල්වා, සචිනි නිසංසලා, ඉරේෂා සඳමාලි, තාරුකා ශෙහානී, නිලක්ෂනා සඳමිණී, රෝස් පෙරේරා, ජනාදි අනාලි, ශිකරී නිවර්තනා, තිලීෂියා සත්සරණී සහ සඳුනි නිසංසලා ගිවිසුම් ගතවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
0 Comments