Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහා ඡන්දයට තොන්ඩි වෙනුවට ජීවන් අත්සන කරයි

ඉදිරි මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කිරීමට හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් සිය නාමයෝජනා පත්‍රයට පසුගියදා අත්සන් තබා තිබේ.

කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී ජීවන් තොණ්ඩමන් සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බව වාර්තා වෙයි.

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදීමට තීරණය කර තිබුණි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් හා නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ජීවන් තොණ්ඩමන් නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබන ලද අතර එම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන්වන ඒ. පී. ශක්තිවේල්, මරදපාණ්ඩි රාමේෂ්වරන්, නීතිඥ පී. රාජතුරෙයි ඇතුළු තොණ්ඩමාන් පවුලේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් සහ නීතිඥ මඩුල්ලක්ද එක්ව තිබිණි.

එහෙත්  අදාල අත්සන් ලේඛනය මේ දක්වාත් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව ද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. නාමයෝජනා භාරදුන් කිසියම් පුද්ගලයෙකු මියගියහොත් එය කොමිෂන් සභාව විසින් පිළිගන්නේ නම් වෙනත් පුද්ගලයෙකු ඒ සදහා නම් කිරීමේ හැකියාව අදාල පක්ෂයට පවතියි.

The post මහා ඡන්දයට තොන්ඩි වෙනුවට ජීවන් අත්සන කරයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();