Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තායිලන්තයේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයන්ට ඇගයීම්

තායිලන්තයේ කොරෝනා රෝගයට ඒරෙහිව සටන් කරන මිලියනයක පමණ ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ. තායිලන්තය මේ වනවිට වෛරසයට ඒරෙහිව ලබාගෙන ඇති සාර්ථකත්වයට ස්වෙච්ඡා සේවකයින්ගෙන් ලැබුණු දායකත්වය මහත් පිටිවලක් වූ බවයි ලෝක සෞඛය සංවිධානය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ තායිලන්තයේ ස්වෙච්ඡා සේවකයින් “ප්‍රශංසා නොලැබූ වීරයන්” බවයි.

චීනයෙන් පසු ඉන් පිටත් පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ තායිලන්තයේ වුවත් සිට මේ දක්වා තායිලන්තයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 3,000ක් සහ මරණ 58ක් පමණි.

තායිලන්තය තුළ කොවිඩ් – 19 වැළැක්වීම, රෝගීන් හඳුනා ගැනීම සහ වාර්තා කිරීම සඳහා ස්වෙච්ඡා සේවකයින්ගෙගේ නොමද සහාය ලැබුණු බව තායිලන්තයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත ඩැනියෙල් කර්ටෙස් පවසා තිබේ.

ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් සිදුකිරීම, දෛනික සෞඛ්‍ය තොරතුරු රැස් කිරීම සහ රෝගය පැතිරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා මෙම ස්වෙච්ඡා සේවකයන් ක්‍රියා කරයි.

1977 දී මෙම ග්‍රාමීය ස්වෙච්ඡා සේවය නිර්මාණය කර තිබේ.

මෙම පිරිස් වෙත මූලික සෞඛ්‍ය පුහුණුවක් ලබාදෙන අතර බොහෝ දුර බැහැර ප්‍රදේශවල මූලික ප්‍රතිකාර හා මූලික රෝග විනිශ්චයන් ලබා දීමට මෙම පිරිස් යොදවනු ලැබේ.

මිට පෙර තායිලන්තය පුරා ව්‍යාප්ත වූ  කුරුළු උණ හා H5N1 වැනි වසංගත තත්ත්ව වලදී ද මෙම ස්වේච්ඡා සේවකයින් සාර්ථක දායකත්වයක් ලබා දී තිබුණි.

The post තායිලන්තයේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයන්ට ඇගයීම් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();