පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූවන්ට දඩුවම් ලබාදීමට නම් නව නීති සම්පාදනය කළ යුතු බවත් ඒ සඳහා වහාම නව පාර්ලිමේන්තුවක් රැස් විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී. එල් පීරිස් මහතා ඊයේ (01) පැවැසීය.
ඒ අනුව අලුත් පාර්ලිමේන්තුවක් පත් වූ විගස එය රජයේ ප්‍රමුඛ අරමුණක් කරගන්නා බවත් එම නිසා මැතිවරණයක් පවත්වා එම කර්තව්‍ය ඉෂ්ඨ කරගැනීම සඳහා අලුත් පාර්ලිමේන්තුවක් කැඳවීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.
මීට සම්බන්ධ පුද්ගලයන් හා ආයතන කවරේද යන්න පිළිබඳව යම් යම් කරුණු දැනගත්තද, සම්පූර්ණ සත්‍ය හෙළි වී නොමැති බව පෙන්වා දුන් සභාපතිවරයා පසුගිය යහපාලන රජය මඟින් සිදුකළේ තමන්ට සෘජුව සම්බන්ධ දේශපාලන චරිත සහ අනෙක් පුද්ගලයන් රැක ගැනීමේ වැඩපිළිවෙළක් පමණක් බව කියා සිටියේය.
0 Comments